27 April 2024
#දේශීය

මාතලේ කුඩා ජල විදුලි බලාගාරවලින් ගැටලු රැසක්

මාතලේ සුදුගග දෙපස ඇති කුඩා ජල විදුලිබලාගාර සැදිම නිසා තම ගොවිතැන් වලට ජලය ලබා ගැනිම ඇතුලු ගැටලු රැසකට මුහුණ පා ඇති බව ප්‍රදේශවාසිහු කියයි.

මාතාල් ,දුම්කොළවත්ත,දොස්තරවත්ත,මාතලේවත්ත,පොල්වත්ත,දුනුකේවත්ත ආදි සුදුගග ආසන්නයේ පිහිටි ගම්මානවල ජනතාව මෙසේ අපහසුතාවයට පත්ව සිටින බව ඔවුහු කියයි.

මෙම විදුලි බලාගාර ඉදිරිකිරිමට ප්‍රථම තම ජිවනෝපාය ලෙස සිදු කරන ගොවිතැන් කටයුතු නිදහසේ සිදු කළ බවත් ජනතාව ජල ස්නානය කිරිම ඇතුලු අනෙකුත් කටයුතුද තමන්ට කැමති පරිදි සිදු කළ බවත් මේ වන විට ඒ සියලු කටයුතු ගැටලකාරි තත්වයට පත්ව ඇති බවද ඔවුහු කියයි.

සුදු ගගෙන් ගසා ගෙන එන මැරුණු සතුන්ගේ අපද්‍රව්‍ය සහ වෙනත් කුණු කසළද විදුලිබලාගාරවලින් බැහැර කිරිම සදහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන බවක් දක්නට නොමැති බවත් ඒවා අවධිිත් ලෙස බැහැර කිරිම නිසා ලෙඩ රෝග පැතිර යාමක්ද සිදුව ඇති බවද ඔවුහු කියයි.

මේ ගැටලු පිළිබදව දැනුවත් කරමින් දොස්තරවත්ත සත්කාරක සුභසාධක සමිතිය මගින් දැනුවත් කිරිම් ද සිදු කර ඇති බවද ප්‍රදේශවාසිහු කියයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *