27 April 2024
#දේශීය

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ක්‍රමාණුකූලව මෙරටට ගෙන්වා ගන්නවා – ඇමැතිනි පවිත්‍රා

මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල සිට මෙරටට පැමිණිමට බලාපොරොත්තු සිටින පිරිස් ක්‍රමාණුකුලව ගෙන්වා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රීයාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී ඇය කියා සිටියේ විදේශිය සිට මෙරටට පැමීණිමට 50,000 ක පිරිසක් සිටින බවයි. නමුත් අප රටට දැරිය හැකි ආකාරයට අනුව ජනතාව ගෙන්වා ගැනීමට කටයුතු කල යුතු ඇති බව ඇය අවධාරණය කළාය.

යම් හෙයින් මෙම වෛරසය නැවත සමාජ ගත විම වැලැක්වීම සඳහා එම ක්‍රම වේදය භාවිත කරන බව අමාත්‍යවරිය කියා සිටියාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අශ්වාස ප්‍රාශ්වාස කිරීම සම්බන්ධව ද මෙම වෛරසය බෝවිය හැකි අතර ලෝකයෙන්ම මෙම වෛරසයෙන් ජනතාව බේරගත්ත එකම රාජ්‍ය ලංකාව බව ඇය කියා සිටියාය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *