ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, මැයි මාසයට සාපේක්ෂව පසුගිය ජූනි මාසයේදී රටේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 6.3කින් පහළ ගොස් තිබේ.මැයි මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.88ක් ලෙස පැවති සංචිත වත්කම් ප්‍රමාණය, ජූනි මාසය අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 6.45ක් දක්වා අඩු වී ඇති බව මහ බැංකුව පවසයි.
















