හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම ජනාධිපති ධූර කාලයේදී බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය බලා ගිය පෞද්ගලික සංචාරයක් හේතුවෙන් රජයට රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් සිදු වූ බව කියන සිද්ධියට අදාළ සියලු විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත දැනුම් දුන්නේය.
අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම නඩුව මේ වන විට නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කර ඇති බවයි. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නඩුව ලබන සැප්තැම්බර් 30 වන දින දක්වා කල් තැබීමට නියෝග කළේය.
















