27 April 2024
#දේශීය

රාජ්‍ය ඇමැති දුමින්ද සුව අවුරුදු නෑ ගමන් යයි

අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛසරය ආසාධිතව ප්‍රථිකාර ලබන පිරිස් වෙත හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත අවුරුදු අසිරිය රැගෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, රජරට සේවය හා කාගීල්ස් ෆුඩ් සිටි ආයතනය සමඟ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම රෝහල වෙත “සුව අවුරුදු නෑ ගමන්” ගියහ.

රෝග බියෙන් තොර, සුව සම්පත සපිරි, නිරෝගී සම්පන්න වාසනාවන්ත සුව නව වසරක් වේවා යන ප්‍රාර්ථනයෙන් අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛසරය ආසාධිතව ප්‍රථිකාර ලබන පිරිස් වෙත හා රෝහල් කාර්ය මණ්ඩලය වෙත අවුරුදු අසිරිය ගෙන එමින් රෝහල සඳහා අත්‍යවශ්‍ය උපකරණ හා අවුරුදු කැවිලි ලබාදීම අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ්-19 ප්‍රථිකාර මධ්‍යස්ථාන භාර නිළධාරී වෛද්‍ය චින්තක රත්නප්‍රිය, රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා, ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීන් හා හෙද නිළධාරීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය හා රජරට සේවයේ ආයතන ප්‍රධානී ලාල් ආනන්ද අබේධීර මහතා, රජරට සේවයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ගුණතිලක පතිරාජ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *