• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කළුකැලේ ගම්මානය අදුරින් -එළිය කිරීමට රාජ්‍ය ඇමැති දුමින්දගේ සුදානමක්

15 February 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මිනිපේ කඳු මුදුනක පිහිටි කළුකැලේ ගම්මානය අදුරින් -එළිය කිරීමට එම ගම්මානයේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කදු මුඳුනක හුදෙකලාව පිහිටි අතිදුෂ්කර ගම්මානයක් වන මැදකැලේ ගම්මානයේ ජනතාවගේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සම්බන්ධයෙන් සොයා බැලීමට සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් කිලෝ මීටර 04 කට ආසන්න දුරක් පා ගමනින් ගමන් කර කඳු මුදුනක පිහිටි අදාළ ගම්මානය නිරීක්ෂණය කළහ.

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කඳු මුඳුනක පිහිටි අති දුෂ්කර ගම්මානයක් වන මැදකැලේ ගම්මානය උඩුදුම්බර ප්‍රදේශයට හා හසලක උඩවෙලට මායිම්ව යහන්ගල පර්වතයට පහළින් පිහිටා ඇත.මෙම ගම්මානය තුළ පවුල් 35 ක් පමණ ජීවත් වන අතර, මෙම ගම්වැසියන් දඹාන ආදීවාසීන්ගේ ළඟම ඥාති පිරිසක් බවද පැවසේ.

මෙම ගම්මානයට ලඟා වීමට පැය කීපයක් , පා ගමනින් කිලෝ මීටර 04 කට ආසන්න දුරක් වනය මැදින් ඇති අති දුෂ්කර මාර්ගයක ගමන් කළ යුතුය.කඳු මුදුනක පිහිටි මෙම ගම්මානයට විදුලි රැහැන් ඇදීමේ අපහසුතාව හේතුවෙන් මෙතෙක් මෙම ගම්මානයට විදුලිය පහසුකම්ද නොමැත. රාත්‍රියට හුළු අතු දල්වාගෙන ගමන් බිමන් යන මෙම පිරිස්, නිවෙස් තුළ භූමිතෙල් ලාම්පු දල්වාගෙන රාත්‍රී අදුර මකා ගැනීම සිදු කරයි.පාසල් වයසේ දරුවන් තම ඉගෙනීම් කටයුතුද කුප්පි ලාම්පු එළියෙන් සිදු කරනු ලබන්නේ දහසකුත් බාධාවන් මැදයි.

කඳු පන්ති අතරින් ගලා එන ජලය පානීය ජල අවශ්‍යතාව ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් හා වගා කටයුතු වෙනුවෙන් මෙම පිරිස් භාවිතා කරන අතර. ගම්මිරිස් ඇතුළු ගොඩ භෝග වගාව මොවුන්ගේ ප්‍රධාන ජීවිකාව බවට පත්ව ඇත.ගම්මානයේ නිවෙස් එක ලඟින්ම පිහිටා ඇති අතර, මොවුන් සියල්ලෝම ඥාතී පිරිස් වෙති, මේ වන විට එම ගම්මානයේ පාසල් දරුවන් සිව් දෙනෙකු සිටින අතර, එම පාසල් දරුවන් දෛනිකව කඳු පාමුල පිහිටි පාසල වෙත පා ගමනින් ගමන් කර, පාසල නිමවී නැවතත් නිවෙස් වෙත පැමිණීමට කන්ද තරණය කරනු ලබති. වාහනයක් ගමන් කළ නොහැකි මාර්ගයක් නොමැතිකමින් හා විදුලිය පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම ගම්වැසියන් මහත් දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි ගම්වාසීන් පවසති.

ඒ අනුව අදාළ ගම්මානයේ, විදුලි අවශ්‍යාතාව සපුරාදීම සඳහා එම ගම්මානයට සූර්ය බලාගාරයක් හරහා මෙන්ම මෙම ගම්මානයේ පවතින කුඩා දිය දහරා භාවිතා කර කුඩා ජල බලාගාරයක් ආධාරයෙන් විදුලිය ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මැද කැලේ ගම්මානය බලා පසුගියදා (13) පෙරවරු 7.30 ට තිසාහාමි තැන්නේ මංපොජ්ජ ඔස්සේ කඳු මුදුනට ගමන් ඇරඹීය,අමාත්‍යයවරයා තම ගමට කැඳවාගෙන යාම සඳහා ගම්වාසීන් පිරිසක්ද කඳු පාමුලට පැමිණ සිටි අතර, අමාත්‍යයවරයා විසින් ගම්වාසීන් වෙත බෙදා දීමට ගෙන ආ වියළි ආහාර මලු ඇතුළු ද්‍රව්‍යය සැවොම එක්ව ගම්මානය වෙත රැගෙන යමින් ගමන් ඇරඹීය. කුඩා අඩි පාරවල් දිගේ අති දුෂ්කර මගක් ගෙවා ගෙන ස්ථාන කීපයකදීම ගිමන් හැර කඳු මුදුනේ පිහිටි ගම්මානය වෙත පැමිණීමට පැය 04 කට ආසන්න කාළයක් ගත විය,ඒ අතරතුර යන ගමනේදී පැමිණ සිටි ගම්වාසීන්ගෙන් අදාළ ගම්මානය පිළිබඳ තොරතුරුද අමාත්‍යයවරයා විමසීය.

තම ගමට ඉතිහාසයේ පළමු වරට පය තබන ඇමතිවරයා දැක ගැනීමේ අදහසින් ගම්මානයේ අනෙක් වැඩිහිටි හා බාල පිරිස් ගම්මානය මැද පිහිටි අඹ ගස යටට රොක්ව සිටියේ ඉතාමත් සතුටිනි. රතිඤ්ඤා දල්වා බුලත් හුරළු දී ගම්වැසියන් රාජ්‍යය අමාත්‍යයවරයා ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගත්හ.

අනතුරුව අමාත්‍යයවරයා හා ගම්වාසීන් සාකච්ජාවක නිරත වූ අතර,

එහිදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ” මෙම ගම්මානය කඳු මුදුනක පිහිටා ඇති බැවින් විදුලි සම්බන්ධතාවය ලබා දීමට විශාල මුදලක් වැය වන නිසාවෙන් මෙපමණ කාලයක් විදුලිය ලබා දීමට නොහැකි වෙලා තියෙනවා.ඒ නිසා සූර්ය බලයෙන් විදුලිය ජනන කිරීම හරහා මෙම ගම්මානයට විදුලිය ලබා දීමට අදහස් කරනවා.කඳු මුදුනක තියෙන මෙම ගම්මානයට මාස 06 ක් ඉර එළිය තියෙනවා, තවත් මාස 06 ක් අව්ව නෑ, ඒ නිසා පවතින ජල පහරක් භාවිතයෙන් කුඩා ජල විදුලි බලාගාරයක් ඉදි කර විදුලිය නිපදවීමටද හැකි බව අමාත්‍යයවරයා පැවසීය.ඒ අනුව අදාළ ගම්මානයයේ විදුලි අවශ්‍යතාව කෙසේ හෝ සපුරා දෙන බවට අමාත්‍යයවරයා ගම්වාසීන්ට පොරොන්දු විය.ඒ අනුව නුදුරේදීම ගම්වාසීන්ට ටී.වී බලන්න,රෝඩියෝ අහන්න මෙන්ම දරුවන්ට පාඩම් කල හැකි ලෙස පැය 24 පුරාම විදුලිය ලබා දෙන්න මම ලෑස්තියි.

ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනුව අපිට උපදෙස් දීලා තියෙනවා අප්‍රේල් වෙන්න කලින් විදුලිය නොමැති සෑම නිවසකටම විදුලිය ලබා දෙන්න කියලා .ඒ නිසා අපි මේ පිළිබඳව සාකච්ජා කරලා,මෙම ගම්මානයට විදුලිය ලබා දීම සම්බන්ධයෙන් සැලසුම් කරනවා.නුදුරේදීම නවීන තාක්ෂණය භාවිතා කර මෙම ගම්මානයට විදුලිය පහසුකම් ලබා දෙනවා යැයි පොරොන්දු විය.

එමෙන්ම එම ගම්මානයේ වෙසෙන පාසල් දරුවන් සිව් දෙනාගේ අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් මෙම නිවෙස් වෙත සූර්ය බල විදුලි පද්ධති ලබා දීම හා පාසල් දරුවන් වෙත පාසල් උපකරණ ලබා දීම මෙන්ම ගම්මානයේ සියලු පවුල් වෙත වියළි සලාක මල්ලක් ලබා දීමට කළුකැලේ ගම්මානයට නෑගම් ගිය සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එහිදී කටයුතු කලහ.

අනතුරුව අමාත්‍යයවරයා ඇතුළු නිළධාරීන් සූර්ය බල පද්ධති ඉදි කළ හැකි ස්ථාන එහිදී නිරීක්ෂණය කළහ.මෙම ගම්මානයට ඉතා කඩිනමින් විදුලිය ලබා දෙන බව එම නිරීක්ෂණයෙන් අනතුරුව රාජ්‍යය අමාත්‍ය්‍ය දුමින්ද දිසානායක මහතා ගම්වාසීන්ට පොරොන්දු විය.

තම ගම්මානයට අමාත්‍යයවරයකු පැමිණි පළමු අවස්ථාව මෙය බවත් ඒ සම්බන්ධයෙන් ඉමහත් සතුටට පත් වන බවත් ගම්වාසීන් එහිදී පැවසූහ. තම ගම්මානයට ගම්මානයට ඇරඹූ දා සිට මේ දක්වා විදුලිය නොමැති බවත්, මාර්ගය හා විදුලිය පහසුකම් නොමැති වීම තම ගම්මානයට පවතින විශාල අඩුවක් බවත් ගම්වාසීන් පැවසීය.නිවෙස් තුළ ලාම්පු එළියෙන් රාත්‍රියට අදුර නිවා ගන්නා බවත්, භූමිතෙල් මිල තමන්ට දරා ගත නොහැකි බවත් ගම්වාසීන් පවසති.පාසල් දරුවන් කුප්පි ලාම්පු එළියෙන් අධ්‍යාපනය හදාරන බවත්,ඇතැම් දින වල නිවසේ භූමිතෙල් ඉවර වූ දාට තම දරුවන්ට පාඩම් කිරීමටද නොහැකි බවත් ගම්වාසීන් පවසති.මෙම ගම්මානයේ කිසිදු නිවසක රූපවාහිනියක් නොමැති බවත්, කිසිදු විදුලි උපකරණයක් මෙම නිවෙස් තුළ භාවිත නොවන බව ගම්වාසීන් පවසති.තම ගම්මානයට විදුලිය ලබා දෙන බවට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ලබා දුන් පොරොන්දුවට මෙන්ම ගම්මානයේ පාසල් දරුවන් වෙනුවෙන් සූර්ය බල විදුලි පද්ධති මෙන්ම ගම්වාසීන්ට වියළි සලාක මල්ලක් ලබා දීම වෙනුවෙන් ගම්වාසීන් එහිදී ස්තූතිය පුද කළහ.

සුනිත්‍ය බල ශක්ති අධිකාරියත්, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන අමාත්‍යංශයත් පහුගිය කාළය පුරාවටම සාමාන්‍ය ක්‍රමයට විදුලිය ලබා දිය නොහැකි ගම්මාන වලට පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය ලබා දීම සඳහා ගම්මාන තෝරා ගනිමින්, එම ගම්මාන වලට අවශ්‍යය විසදුම් සොයමින් ඒ සඳහා සැලසුම් හදමින් තමයි පහුගිය කාළයේ හිටියේ,ඒ අනුව අපි අපේ වැඩසටහන තවත් වේගවත් කරලා අද දිනයේ අපිට පුළුවන්කම ලැබුනා ඒ ගමන වේගවත් කරලා මේ ගමට අවශ්‍ය කරන මූලික විදුලිය ලබා දීම සඳහා අවශ්‍යය කරන අඩිතාලම මේ වන විටත් යොදලා තියෙනවා.මේ වන විටත් ගමේ පොදු ස්ථාන කීපයකට සූර්ය බලයෙන් විදුලිය ලබා දීමට කටයුතු කරලා තියෙනවා.ඒ වගේම ඉදිරියේදී පැය 24 පුරාම මෙම ගම්මානයට විදුලිය ලබා දීම සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන්න.මේ සඳහා සාමාන්‍යය ක්‍රමයට විදුලිය ලබා ගන්නවා නම් ගමේ තියෙන දුෂ්කරතාවයත් එක්ක ගම අනෙක් ගම් වලින් වෙන් වෙලා තියෙන නිසා ඉතා විශාල මුදලක් වැය වෙනවා.ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සූර්ය බලය හා ජල විදුලි බලය කියන මේ දෙකම එකතු කරලා දෙමුහුන් යාන්ත්‍රණයක් ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.මේ පුංචි දරුවෝ කුප්පි ලාම්පුවෙන් පාඩම් කරනවා,සෝලා ලාම්පු ඇතැම් නිවෙස් වල තිබුණත් ඒවා වැඩ කරන්නෙ නෑ දැන් බොහෝම පරණ ඒවා.ඒ නිසා මේ ගමේ අධ්‍යාපනය ලබන සියලු පාසල් දරුවන්ට අපි විදුලි සම්බන්ධතාව ලබා දෙන තුරු තාවකාලිකව භාවිතා කරන්න සූර්ය පැනල ලබා දුන්නා.මේ පුංචි දරුවන්ට අනාගතය දකින්න කුප්පි ලාම්පුවත් එක්ක ආයේ අධ්‍යාපනය කරන්න ඕන නෑ.මේ කෙටි විසදුමත් එක්ක කුප්පි ලාම්පුව නිවලා,ආලෝකයට අතවන්න හැකියාව ලැබෙනවා.මෙවැනි ගම්මාන තවත් කීපයක් තියෙනවා.අපේ බලාපොරොත්තුව සෞභාග්‍යයේ දැක්ම අනුව 2021 වන විට සැමටම විදුලිය ලබා දීමයි යැයි පැවසීය.

මෙම අවස්ථාවට සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

වාර්තා කළේ – තිසර සමල් – එප්පාවල

Post Views: 0
Previous Post

හිටපු කථානායක අභාවප්‍රාප්ත වෙයි

Next Post

Oxford -AstraZeneca එන්නත අද සිට ජනතාවට

editor

editor

Next Post

Oxford -AstraZeneca එන්නත අද සිට ජනතාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved