27 April 2024
#දේශීය

Oxford -AstraZeneca එන්නත අද සිට ජනතාවට

Oxford -AstraZeneca එන්නත අද (15) සිට ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ එම එන්නත් ලබා දීම පලමුවෙන්ම බස්නාහිර පලාතෙන් ආරම්භ කරන බවයි.

මුල් අදියරේදී බස්නාහිර පලාත තුල වාසය කරන කොවිඩ් 19 ආසාදනය වීමට වැඩි ඉඩකඩක් ඇති අවදානම් කලාපයන්හි සිටින පිරිස් හදුනාගෙන ඔවුන්ට ද එන්නත් ලබා දීමට කටයුතු කර බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *