27 April 2024
#දේශීය

නාගදිපයේ පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කරයි

දිවයින පුරා දැනට පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන යාපනය නාගදීප රජමහ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය වෙසක් උත්සවය හා වෙසක් පොහෝ දින වැඩසටහන අවලංගු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස්වලට අනුකුලව සංකේතාත්මකව කෙටි වැඩසටහනක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පවතින සෞඛ්‍ය අවධානම කෙරෙහි සැලකීලිමත් වෙමින් ප්‍රතිපත්ති පුජාවට මුල්තැන් දෙමින් පවුලේ සියලු දෙනා සමඟ නිවසේ සිට මෙවර වෙසස් උත්සවය සමරන ලෙස සියළු රටවැසියන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *