• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙම වසරේදී උතුරු හා නැගෙනහිර පළාත්වල සියලුම සුබසාධන මධ්‍යස්ථාන වසා දැමීමට පියවර – ඇමැති ප්‍රසන්න

8 April 2024
in දේශීය, පුවත්
මෙම වසරේදී උතුරු හා නැගෙනහිර පළාත්වල සියලුම සුබසාධන මධ්‍යස්ථාන වසා දැමීමට පියවර – ඇමැති ප්‍රසන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් කිළිනොච්චිය හා වව්නියාව දිස්ත්‍රික්කවල ඉදිකරනු ලැබූ නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (7) එක්වෙමිනි.

මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මකව පවතින අතර එහි රැඳී සිටින පවුල් සංඛ්‍යාව 10කි. ඉන් පවුල් 9ක් සඳහා ඉඩම් නිදහස් කර මේ වසර අවසන්වීමට පෙර නැවත පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින අතර එක් පවුලක් පමණක් ඔවුන්ගේ මුල් ඉඩම ලබාදෙන ලෙස දැඩිව ඉල්ලීම් කරයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී ඔවුන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශයට උපදෙස් දුන් බවය.

එහිදී අමාත්‍යවරයා කිළිනොච්චි දිස්ත්‍රික්කයේ සේලවනගර් ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය, උරුතිපුරම් නැගෙනහිර ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය,වව්නියාව දිස්ත්‍රික්කයේ කන්කන්කුලම් ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය, වව්නියාව දකුණ අවරන්තලාව ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරනු ලැබීය.

උතුරු හා නැගෙනහිර පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් අවතැන්ව සිටි පවුල් මෙරට විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වූ අතර ඔවුන් මුල් ගම්බිම්වල නැවත පදිංචි කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සංවිධානය හා සම්බන්ධීකරණය කිරීම සිදු කරනු ලබන්නේ නැවත පදිංචි කිරීමේ අංශය මඟිනි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසන්නේ මේ වනවිට සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නැවත පදිංචිය බලාපොරොත්තුවෙන් නෑදෑ හිත මිතුරන්ගේ නිවාසවල පවුල් 1502ක් රැඳී සිටින බවයි. ඉන් පවුල් 212ක් සඳහා ඉඩම් නිදහස් කර තිබේ. ඔවුන්ට ඉදිරියේදී නිවාස ලබාදීම නියමිතය. ඉඩම් අහිමි අනෙකුත් සියලුම දෙනාට කඩිමින් ඉඩම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.

අවශ්‍ය කටයුතු සිදුකිරීමෙන් පසුව ඔවුන් සඳහාද ඉදිරියේදී ඉඩම් නිදහස් කිරීමට නියමිත බව නැවත පදිංචි කිරීමේ අංශය පවසයි.

මේ අතර මෙම වසරේදී බිමි බෝම්බ ඉවත් කර උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා රජය විසින් රුපියල් මිලියන 2550ක මුදලක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ නිවාස සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 2000ක්,යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් හා බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වශයෙනි.

නැවත පදිංචි කරනු ලබන ජනතාවට අවශ්‍ය ජලය ,විදුලිය, වැසිකිලි පහසුකම් ඇතුළු මූලික යටිතල පහසුකම් ලබා දීම ද සිදු කරනු ලබන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහිදී එක් පවුලක් සඳහා රුපියල් 30,000ක මුදලක් ලබාදෙනු ලැබේ.

මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මූල්‍ය දායකත්වයෙන් පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා නැනෝ තාක්ෂණ ජල පිරිපහදු ඒකක 50ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් අවසන් කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දුන්නේ මෙම වර්ෂය අවසානයට ප්‍රථම උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා තවත් අලුතින් නැනෝ ජල ව්‍යාපෘති 50ක් ඉඳිකිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසයි.

ඒ අනුව ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා නිළධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද යන මහත්වරු සහභාගී වූහ.

Post Views: 4,802
Previous Post

සභාපති නැති රැස්වීම නීතිවිරෝධියි.. චන්ද්‍රිකා නිදහස් පක්ෂයේ කෙනෙක් නෙමෙයි – වැඩබලන මහලේකම් දුෂ්මන්ත

Next Post

ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන පුහුණු පාසල ශිෂ්‍ය භටයින්ගේ අයිතියට

editor ttvnews

editor ttvnews

Next Post
ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන පුහුණු පාසල ශිෂ්‍ය භටයින්ගේ අයිතියට

ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන පුහුණු පාසල ශිෂ්‍ය භටයින්ගේ අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved