• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන පුහුණු පාසල ශිෂ්‍ය භටයින්ගේ අයිතියට

8 April 2024
in දේශීය, පුවත්
ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන පුහුණු පාසල ශිෂ්‍ය භටයින්ගේ අයිතියට

මුලතිව් ප්‍රදේශයේ අභිනවයෙන් ආරම්භ කරන ලද ජාතික ශිෂ්‍යභට බලකයේ දෙවන පුහුණු මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය ඊයේ ( 07) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අප මාතෘභූමියට අවශ්‍ය කරන ලෝකය හා තරඟ කල හැකි සකලවිධ කුසලතාවයන්ගෙන් හෙබි තීක්‍ෂණයෙන් යුත් තරුණයන් අප රට තුලින්ම බිහිකර ගැනීම වෙනුවෙන්, මෙම භූමිය තුලින් ජීවිතයේ මූලික හැඩය ලබාගන්නා ශිෂ්‍යභටයා ආකර්ෂණීය පෞරුෂයකින්, සමබර චින්තනයකින් යුතු තම මාතෘ භූමියට පණ මෙන් ආදරය කරන අගනා මානව සම්පතක් බවට පත්වනු දැකීම මෙම පරිශ්‍රමයට දායක වූ අතිමහත් කැපකිරීම් කල සියළු දෙනාගේ චේතනාව බවයි.

එසේම ජාතික ශිෂ්‍යභට බලකායේ තිබූ එකම පුහුණු පාසල වන රන්ටැඹේ ජාතික ශිෂ්‍ය බලකා පුහුණු පාසලට අමතරව මෙම පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමගම, දිවයිනේ සෑම ජාතික පාසලකම ශිෂ්‍යභට ඛණ්ඩයක් නිර්මාණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය තුලින් අනාගත පරපුර නායකයින් ලෙස පුහුණු කිරීමටත් රටේ උතුරු-නැගෙනහිර සහ දකුණ අතර සංහිඳියාවේ රාමුව තුළ සමගිය සහ සහජීවනය ගොඩනැගීමටත් හැකිවනු ඇති බව තෙන්නකෝන් මහතා මෙහිදී අවධාරණය කලේය.

සරඹ තුළින් විනය සංවර්ධනය යන සංකල්පය අනුව ජාතික ශිෂ්‍යභට බළකාය ප්‍රතිසංවිධානය කොට ශක්තිමත් කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් නව පනතක් හඳුන්වා දිමට මේ වනවිට සැලසුම් සකස් කර තිබෙන අතර, පවතින විෂය මාලාව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව හෙතෙම පැවසීය.

උතුරු ප්‍රදේශයේ ජාතික මට්ටමට සුදුසුකම් ලබා ඇති ශිෂ්‍යභටයින් වෙත සහතික පිරිනැමීම හා උතුරු ප්‍රදේශයේ අභිනවයෙන් ආරම්භ කරන ලද ජාතික ශිෂ්‍යභට ඛණ්ඩවල පාසල් හි විදුහල්පති වරුන් වෙත ශිෂ්‍යභට බලපත්‍ර ප්‍රදානය කිරීමද අමාත්‍ය වරයා විසින් සිදුකරන ලදි.

මෙම අවස්ථාවට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදන්ත ‌‌ෆොන්සේකා, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ෆැක්ට්‍රික් ඩි රංජන් මහතා, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජෝන් ක්වින්ටස් යන මහත්වරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විදුහල්පතිවරුන් හා ශිෂ්‍යභඨ බාලක බාලිකාවන් සහභාගි විය.

Post Views: 6,620
Previous Post

මෙම වසරේදී උතුරු හා නැගෙනහිර පළාත්වල සියලුම සුබසාධන මධ්‍යස්ථාන වසා දැමීමට පියවර – ඇමැති ප්‍රසන්න

Next Post

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් සිදුකරනවා – රාජ්‍ය අමාත්‍ය අනුප

editor ttvnews

editor ttvnews

Next Post
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් සිදුකරනවා – රාජ්‍ය අමාත්‍ය අනුප

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් සිදුකරනවා - රාජ්‍ය අමාත්‍ය අනුප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved