• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

10 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පසුවිපරම් උපායමාර්ගික ක්‍රියාවලින් දියත් කිරීමේ අරමුණින් ‍පිහිටුවීම යෝජිත ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (07) පැවැත්විණි.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ජාතික සභා අනු කමිටුවේ යෝජනා ස්ථිරත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන්යුත් ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීමේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවා තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා විසින් උක්ත කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව අනු කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.

එම සංකල්ප පත්‍රිකාවට අනුව රටේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම පිණිස ස්ථාපිත ඉහළම මට්ටමේ නිල යාන්ත්‍රණය ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පිහිටුවීමට යෝජිතය. කොමිෂන් සභාවේ කාර්යයන් ලෙස නිසි විශ්ලේෂණ ආශ්‍රිතව ප්‍රතිපත්තිසම්පාදනය හා ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ලබා දීම, කෙටි කාලීන මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන සංවර්ධන සැලසුම්කරණය හරහා 2023 – 2048 ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ඇති හැකියාවන් හා විභවයන් හඳුනාගනිමින් සංවර්ධන සැලසුම්කරණය හා කාර්යක්ෂම අයුරින් සම්පත් බෙදී යාමට ඉඩ සැලසීම, කාලීන ජාතික ප්‍රමුඛතා පදනම්කොටගත් සංවර්ධන ක්ෂේත්‍ර හඳුනාගනිමින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම, සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට සමගාමීව නිරන්තර නියාමන හා ඇගයීම් ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම, ජාතික හා පළාත් මට්ටම්වලදී ක්‍රියාත්මක කරනු ලබන ආයතන පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණ ක්‍රියාවලීන් ශක්තිමත්ව ක්‍රියාත්මක කරවීම යන කරුණු දක්වා ඇති අතර ඒ පිළිබඳ දිර්ඝ වශයෙන් කමිටුවේදී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව, කොමිෂන් සභාවේ කාර්යයන් ඉටු කිරීම පිණිස කොමිෂන් සභා කාර්යාංශයක් පිහිටුවීමට යෝජිත අතර, එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙහෙයුම් කමිටුවක්ද ස්ථාපනය කිරීමට නියමිතය. එයට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04, 27 සහ 148 වන ව්‍යවස්ථා යටතේ පාර්ලිමේන්තුවට එහි බලතල ක්‍රියාත්මක කිරීමට හැකි වන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම් සහ පහසුකම් සැලසීම සඳහා ව්‍යවස්ථාපිතව සංස්ථාපනය වන යාන්ත්‍රණයක් ලෙස ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව කටයුතු කිරීමට නියමිතය.

එමෙන්ම, කොමිෂන් සභාවේ දිගු කාලීන ප්‍රතිපත්ති සැලසුම් ලෙස 2023 – 2048 දක්වා ජාතික ප්‍රතිපත්තිය සහ ජාතික යටිතල පහසුකම් සැපයීම දක්වා ඇති අතර මධ්‍යකාලීන ප්‍රතිපත්ති සැලසුම් ලෙස පසු අවුරුදු මධ්‍යකාලීන සැලසුම්, රාජ්‍ය ආයෝජන සැලසුම් හා ආංශික සංවර්ධන සැලසුම් මෙන්ම කෙටි කාලීන ප්‍රතිපත්ති සැලසුම් යට‍තේ වාර්ෂික අයවැය සහ වාර්ෂික පළාත් අයවැය සැලසුම් කිරීම දක්වා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ කමිටු සභාපති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉතා ඉක්මනින් මෙම සංකල්ප පත්‍රිකාව ජාතික සභාවට ඉදිරිපත් කර අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක , අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද සහ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 11
Previous Post

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සංගණනය පිළිබඳ ප්‍රගති සමාලෝචනයක්

Next Post

රිවස්ටන් ගෝනමඩ ප්‍රපාතයකට වැටුණු වාහනයේ සිටි අයෙකු මරුට

editor

editor

Next Post

රිවස්ටන් ගෝනමඩ ප්‍රපාතයකට වැටුණු වාහනයේ සිටි අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved