27 April 2024
#දේශීය

රිවස්ටන් ගෝනමඩ ප්‍රපාතයකට වැටුණු වාහනයේ සිටි අයෙකු මරුට

රත්තොට රිවස්ටන් ගෝනමඩ ප්‍රදේශයේ දි අඩි දෙසියකට වැඩි ප්‍රපාතයකට කාර් රථයක් (09)දා පස්වරු 4.30ට පමණ පෙරලිමෙන් එහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකුගේ එකම පවුලේ පිරිසක් තුවාල ලබා පොලිස් සැරයන්වරයාගේ බිරිද මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි. 

මාතලේ මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා ඇතුලු සිය පවුලේ පිරිස සමග රිවස්ටන් බලා ධාවනය කරමින් තිබියදි මෙම අවසානවන්ත අනතුරට මුහුණ පා ඇති අතර අනතුරින් පොලිස් නිලධාරියාගේ බිරිද මරණයට පත්ව ඇති බවද පොලිසිය කියයි.

මෙම අවසනාවන්ත අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් සැරයන්වරයාගේ බිරිද වන මාතලේ උකුවෙල ගුරලවෙල පදිංචි දිලරුක්ෂි වික්‍රමසිංහ නැමති 33 හැවිරිදි එක් දරු මවකි.

මෙම රිය අනතුරින් පොලිස් නිලධාරියාසහ 11 හැවිරිදි දියණියද තුවාල ලබා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

පොලිස් නිලධාරියාගේ නැනාද තුවාල ලබා ඇති අතර ඇයගේ අට හැවිරිදි දියණියද තුවාල ලබා ඇති අතර ඔවුන්ද මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසිය. 

පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිතය.

ලග්ගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන පවත්වයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *