27 April 2024
#දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිධූරය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්වී තිබේ.

එම සංසදයේ සම උපසභාපතිවරියන් ලෙස නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය පත්වී තිබේ.

මෙම පත්වීම් සිදු කරනු ලැබුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ පළමු රැස්වීමේදීයි. මෙම රැස්වීමට තලත‍ා අතුකෝරළ, හරිනි අමරසූරිය, ඩයනා ගමගේ, කෝකිලා ගුණවර්ධන, මන්ජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද සහභාගී වී සිටිහය .

Leave a comment

Your email address will not be published. Required fields are marked *