රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගැනීමේ මූල්‍ය වංචා විමර්ශනයකට අදාළව අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගත් සුගීෂ්වර බණ්ඩාර ලබන මස පළමුවැනිදා (ජූලි 01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අයෙකි. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය පනවා ඇත.
















