දොඩන්ගොඩ, උඩවත්තගොඩ ප්‍රදේශයේ නිවසක නිදන කාමරය තුළ කාන්තාවක් සැක කටයුතු ලෙස මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (12) පස්වරුවේ මෙම මරණය හදුනා ගෙන ඇති අතර මරණකාරිය වයස අවුරුදු 54 ක් වු එම නිවසේ පදිංචිකාරියකි.
මිය ගිය තැනැත්තියගේ හිස ප්‍රදේශයෙන් හා අත්වලින් රුධිරය ගලා ගෙන ගොස් ඇති බවට නිරික්ෂණය වී ඇත මෙම මරණය සම්බන්ධයෙන් කළුතර මහේස්ත්‍රාත්වරයා විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර පශ්චාත් මරණ පරික්ෂණය කටයුතු සඳහා දේහය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දොඩන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.