27 April 2024
#දේශීය

GSMB ආයතනයේ අගෝස්තු මස ආදායම සියයට 74ක් දක්වා ඉහළට

2021 අගෝස්තු මාසය අවසන් වන විට රුපියල් මිලියන 2028.33ක ආදායමක් උපයා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB)පවසයි. යි එම ආයතනය පවසයි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 74ක වර්ධනයක් බව එම ආයතනය විසින් පරිසර අමාත්‍යාංශයට දන්වා ඇත.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් GSMB ආයතනයේ ප්‍රගතිය සම්බන්ධව කළ විමසීමක දී මෙම කරුණු අනාවරණය විය.

විශේෂයෙන් වැලි, කළුගල්, පස් හා බොරළු සම්බන්ධව කැණීම් හා ප්‍රවාහන බලපත් ලබා දීම, ඛනිජ සම්පත් අපනයනය සඳහා බලපත් ලබා දීම මෙන්ම විවිධ බාහිර ආයතන විසින් සිදු කරගනු ලබන භූ සමීක්ෂණ වැනි සේවාවන් මගින් මෙම ආදායම් උපයා ඇත. මෙම වසරේ ගත වූ කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වැලි, කළුගල්, පස් හා බොරළු ප්‍රවාහණය සඳහා ලබා දී ඇති බලපත් ප්‍රමාණය 777,000කි. මෙම වසර අවසන් වනවිට නිකුත් කරනු ලබන ප්‍රවාහන බලපත් ප්‍රමාණය මිලියනය ඉක්මවනු ඇතැයි GSMB ආයතනය පවසයි.

එමෙන්ම මේ වනවිට ගවේෂණ බලපත් 12ක්, කාර්මික බලපත් 1856ක්, වෙළෙඳ බලපත් 281ක්, ප්‍රවාහණ බලපත් 777,000ක් අපනයන බලපත් 374ක් ද වශයෙන් GSMB ආයතනය විසින් නිකුත් කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය බලපත් නිකුත් කිරීම මෙන්ම වෙනත් ආදායම් මාර්ග කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය. විශේෂයෙන් අගය එකතු කරන ලද නිෂ්පාදන කර්මාන්ත කිහිපයක් ආරම්භ කිරීමට දැනටමත් යෝජනා වී ඇත. ඒ අතර කල්තොට කැල්සයිට් ආශ්‍රිතව කැල්සියම් කාබනේට් නිෂ්පාදනය හා දුර්ලභ හා වටිනා ඛනිජ සම්පතක් වන කොටිගම්බොක්ක Quartz හෙවත් නිධිය ආශ්‍රිතව නිමි භාණ්ඩ නිපදවීමට ද මේ වනවිට අවශ්‍ය මුළික පියවර ගෙන තිබේ.

එවැනි කර්මාන්ත කිහිපයක් ආරම්භ කිරීමට පියවර ගන්නැයි අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *