ස්විට්සර්ලන්තයේ Swiss Medical Technology සහ Aero Lines Zurich GmbH & Operation Center යන ආයතන දෙක විසින් රුපියල් ලක්ෂ 66 ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සහ වෛද්‍ය උපකරණ තොගයක් අද (06) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.
එම උපකරණ තොගය වෛද්‍ය සැපයීම් අංශයේදී නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත මෙරට හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.
මෙම අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ අතර ශල්‍ය මුව ආවරණ (Surgical Masks) 152000 ක්, පුද්ගලික ආරක්ෂිත ඇඳුම් (PPE Kit), ප්‍රතිදේහජනක පරික්ෂණ කට්ටල (Antigen Test Kit) 471, නවීන තාක්ෂණික ස්වයංක්‍රීය අත්සේදුම්කාරක දියර යන්ත්‍ර 16 ක් ද විය.
හොටල් හිමියන්ගේ සංගමයේ හෝටල් 50 ක් පමණ මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වයෙන් කොවිඩ් ප්‍රතිකාර ඇඳන් 5000 ක් මීට ඉහත දී ලබාදී ඇති අතර, එම ප්‍රදානයන් පිළිබදව පැහැදීමට පත්වූ ස්විට්සර්ලන්තයේ ආයතන දෙකක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට මෙම ප්රදානය සිදු කොට ඇත. ඉදිරියටත් මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා Swiss Medical Technology සහ Aero Lines Zurich GmbH & Operation Center යන ආයතන දෙක සහයෝගය ලබාදීමට අදහස් කරන බව ද මෙරට හොටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, පරිත්‍යාග සම්බන්ධීකාරක රසමාණික්කම් යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.