• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ, ගම්පහට ගෑස් බෙදා හැරීමට කටයුතු කරන්න – කෝප් කමිටුව ලිට්‍රෝ සමාගමට නිර්දේශ කරයි

21 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දෛනිකව බෙදාහරින ගෑස් සිලින්ඩරවලින් 60%ක ප්‍රමාණයක් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස ලිට්‍රෝ සමාගමේ කළමනාකාරීත්වයට පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

සභාපතිවරයා ඊයේ (20) මෙම නිර්දේශ නිකුත් කලේ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම කඩිනම් කිරීම ඇතුළු කාරණා පිළිබද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වූ අතර ඒ අනුව කෝප් කමිටුව හමුවට ලිට්‍රෝ ගෑස් ලංකා සමා‍ගමේ කළමණාකාරීත්වය කැදවු අවස්ථාවේදිය.

අධික ජනගනත්වයක් පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවට විකල්ප බලශක්තිය ප්‍රභවයන්ගේ සීමා සහිත බව ඇතුළු කරුණු කාරණා සළකාබලා ඉදිරි සතියක පමණ කාල සීමාව තුළ මෙලෙස බෙදා හැරීම සිදු කරන ලෙස කමිටුව උපදෙස් ලබා දුන්නේය.

මේවන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 35ක හිගයක් රටේ පවතින බවත් දැනට පැමිණ ඇති නැව් ද්විත්වයෙන් දිනකට ගෑස් සිලින්ඩර 80,000 බැගින් දිවයින පුරා සිටින ප්‍රධාන නියෝජිතයන් 42 ක් සහ අනෙකුත් උප නියෝජිතයන් හරහා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් මෙහිදී ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

පැවති අයහපත් කාළගුණය නිසා මුතුරාජවෙලදී බෝයාව සම්බන්ධ කිරීමට අපහසු බැවින් කොළඹ වරායට නෞකාව රැගෙවිත් ගෑස් ගොඩබෑමට සිදුවූ බවත් එම හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවූ බවත් සභාපතිවරයා පැවසීය. එහෙත් ඉදිරියේදී නැවත සාමාන්‍ය පරිදි ගෑස් ගොඩ බෑමට හැකිවනු ඇති බවත් ලිට්‍රෝ සභාපතිවරයා පැවසූ අතර හැකිතාක් කඩිනමින් ගෑස් බෙදා හැරීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය.

ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීමට වෙන්කර ඇති ඇ.ඩො මිලියන 160 න් ලිට්‍රෝ සමාගමට ලැබෙන ඇ.ඩො.මිලියන 120 ක මුදල යොදා ගෑස් මිලදී ගැනීමේ කටයුතු සදහා අවශ්‍ය පියවර ගන්නා බවත් එම මූලික කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු මාස තුනකට ගෑස් සැපයිය හැකි බවත් ලිට්‍රෝ සභාපතිවරයා මෙහිදී පැවසීය. මේ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ‍ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් ගෙන්වීම සදහා අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සිදුකර මෙම තදබදය අවම කිරීමට වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

එසේම ලෝක බැංකුවෙන් ඇ.ඩො.මිලියන 80 ක ණය පහසුකමක් ලැබීමට නියමිත බවත් ඒ අනුව නව කාලීන ප්‍රසම්පාදනයකට ( Term Tender) යාමට අපේක්ෂා කරන බවත් ලිට්‍රෝ සභාපතිවරයා පැවසීය.

එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගමට රක්ෂණ සංස්ථාවේ සංචිතවලින් මේ මොහොතේ යම් මූල්‍ය ශක්තියක් ලබා දීමට ඇති හැකියාව සොයා බලා ඒ සදහා පියවර ගන්නා ලෙසද රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් කමිටුව නිර්දේශ කළේය.

පවතින අර්බුදකාරී තත්ත්වය තුළ ගෑස් පෝලිම් විශාල වශයෙන් ඇති බැවින් දෛනිකව ගෑස් බෙදා හැරීම සිදුවන ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා අදාළ තොරතුරු වෙබ් අඩවියේ සහ දුරකථන යෙදවුමක් මගින් පළ කිරීමට වහාම කටයුතු කරන ලෙසද මෙහිදී කෝප් සභාපතිවරයා ලිට්‍රෝ සමාගමට නිර්දේශ කළේය. මෙමගින් අදාළ අලෙවි නියෝජිතයා හරහා දෛනිකව කොපමණ සිලින්ඩර ප්‍රමාණයක් යම් දිනකදී ලැබෙනවාද යන්න පාරිභෝගිකයාට නිශ්චිත වශයෙන් දැනගැනීමට හැකියාව ලැබෙන බැවින් ගෑස් සිලින්ඩර අපේක්ෂාවෙන් මහජනතාව දිගු පෝලිම්වල රැදී සිටිමින් සිදුවන අපහසුතාව මගහරවා ගත හැකි බවද කමිටුව පෙන්වා දුන්නේය.

එසේම දැනට පවතින ක්ෂණික ඇමතුම් අංකය වන 1311 වඩාත් කාර්යක්ෂම විසිහතර පැය ක්‍රියාත්මක තොරතුරු ලබා දීමේ අංශයක් ලෙසට සංවර්ධනය කරන ලෙස ද ලිට්‍රෝ සමාගමට උපදෙස් ලබා දුන්නේය.

ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ ගියද මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ප්‍රමාද වීම තුළ සමාගමට අධික පාඩුවක් දැරීමට සිදුවූ බැවින් සමාගම සතු සංචිත මුදල් සියල්ලම අවසන්ව ඇති බව ගෑස් සමාගමේ නිලධාරීහු පෙන්වා දුන්හ. 2021 ජනවාරි වන විට සමාගම සතුව පැවති රු. බිලියන 15 ක පමණ මුදල ක්ෂය වී අද වන විට රු. බිලියන 11කට ආසන්න මුදලක් බැංකුවලට ණයවීමට සිදුව ඇති බවත් ඔවුහු පැවසූහ.

එසේම ඇමරිකානු ඩොලර් හිගවීමත්, කාලීන ප්‍රසම්පාදනය ( Term Tender) පසුගිය පෙබරවාරි 28 අවසන්වූ පසුබිමක නව ටෙන්ඩරයකට යාම පමා වීමත් ගෑස් හිගයකට හේතුවූ බව ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දුන්නේය. එහිදී නිලධාරීන් පවසා සිටියේ තවත් සමාගමකින් ගෑස් ගෙන්වීමට කටයුතු කරන බැවින් කාලීන ප්‍රසම්පාදන කටයුතු ( Term Tender) තාවකාලීකව නවතන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් දැනුම් දුන් බවයි. මේ සම්බන්ධව ලිඛිත නියෝගයක් මුදල් අමාත්‍යාංශයෙන් ලැබුණාද යන කාරණය පිළිබදව කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ පිළිබදව ඉදිරි දිනකදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ලිට්‍රෝ සමාගම නැවත කැදවන බව කෝප් සභාපතිවරයා පැවසීය.

ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යන විට මෙරට ගෑස් මිල ඉහල දැමුවද ලෝක වෙළදපොලේ එම මිල අඩුවීමේදී එහි වාසිය පාරිභෝගියාට නොලැබෙන බැවින් ගෑස් මිල සූත්‍රයක් හදුන්වා දීමේ අවශ්‍යතාව කමිටුවේදී සාකච්ඡා විය. එය පාරිභෝගියාට වාසියක් සැලසීම සදහා මෙන්ම ගෑස් සමාගමේ පැවැත්මට ද අතිශය වැදගත් බැවින් කඩිනමින් මිලසූත්‍රයක් හදුන්වා දීමේ වැදගත්කම ලිට්‍රෝ සමාගමේ නිලධාරීහු ද පෙන්වා දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂද සිල්වා, සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර, රවු‍ෆ් හකීම්, ඉරාන් වික්‍රමරත්න, ඉන්දික අනුරුද්ධ, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරු ද ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 0
Previous Post

නිමල් ඇමැතිකම භාර ගත්තේ පක්ෂයේ තීරණයට පටහැණිවයි – හිටපු ජනපති මෛත්‍රිපාල

Next Post

විදුලි බල ඇමැති ලෙස පාඨලි එනවානම් හොදයි – ඇමැති කංචන

editor

editor

Next Post

විදුලි බල ඇමැති ලෙස පාඨලි එනවානම් හොදයි - ඇමැති කංචන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved