27 April 2024
#දේශීය

නිමල් ඇමැතිකම භාර ගත්තේ පක්ෂයේ තීරණයට පටහැණිවයි – හිටපු ජනපති මෛත්‍රිපාල

නව කැබිනට් මණ්ඩලයේ අද දින දිව්රුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා එලෙස දිවුරුම් දුන්නේ පක්ෂයේ තීරණයට පටහැනිව බව හිටපු ජනාධිපති නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කර තිබුණේ අමාත්‍ය ධුර බාර නොගෙන රට වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදීත්, පිටතදීත් අවශ්‍ය සහයෝගය රජයට ලබාදීමටයි.

සාකච්ඡා කරලා තිබුනේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න නමුත් මේ රජය සර්ව සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවන බව හෙතෙම පැවසිය.

එහිදී යෝජනා කර නමුත් මෙම යෝජනා අනුව නෙමේ මේ රජය කටයුතු කරන්නේ බව සිරිසේන මහතා මෙහිදී අවධාරණය කලේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *