27 April 2024
#දේශීය

විදුලි බල ඇමැති ලෙස පාඨලි එනවානම් හොදයි – ඇමැති කංචන

විදුලි බල අමාත්‍යවරයා ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා භාර ගන්නාවනම් සතුටුදායක බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේබ අද (21) බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ සදුදා දිනවල විට ඉන්ධන පොලිම් නතර කිරීමට සැලසුම් කර ඇති අතර එයට ජනතාවගේ පුර්ණ සහයෝගය අවශය බවයි.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග රටට ලැබී ඇති මොහොතක, විරෝධතාවලින් ඉන්ධන ප්‍රවාහනයට බාධා සිදුවන්නේ නම් අදාළ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව හෙතෙම පැවසිය.

එසේම ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න උත්සාහ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *