27 April 2024
#දේශීය

උත්සව කාලයට පෙර බුස්ටර් මාත්‍රාව ලබා ගන්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත

ඉදිරි උත්සව කාලයට පෙර බූස්ටර් මාත්‍රාව ලබා නොගත් සියලු පුද්ගයින් ඉදිරි දින කිහිපය තුළ එම එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සමයේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් යළි රට තුළ කොරෝනා රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට සියලුදෙනා කටයුතු කළ යුතු බව හෙතෙම පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “විශේෂයෙන්ම අපි මතක තියා ගත යුතු දෙයක් තමා අපි ගිය අවුරුද්දේ මේ කාලය වනවිට රෝගීන්ගේ ඉතාමත්ම හොඳ තත්ත්වයකට රෝගය පාලනය වුණා. නමුත් සිංහල අවුරුද්දෙන් පස්සේ, බරපතළ ලෙස රෝගීන්ගේ වැඩිවීමක් වුණා. මෙම අවුුරද්දේ දීත් ඒ ආකාරයටම එය සිදුවීමට ඉඩ තියෙනවා. මොකද ඒ ආකාරයටම සාප්පු සවාරි යෑම, ‍උත්සවවලට සහභාගීවීම ආදිය ජනතාවගෙන් බලාපොරොත්තු වන නිසා. නමුත් අපි ගිය අවුරුද්දේ කරා වගේම මේ වතාවේ ඒ වැරැද්ද කරන්නේ නැතුව හැකි පමණින් අපිට ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු කළොත් සිංහල අවුරුද්දෙන් පස්සේ, නැවත අනතුරුදායක තත්ත්වයක් ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නව ප්‍රභේදයත් සැලකිල්ලට ගත්තහම මාර්තු අවාසනවීමට පෙර තමන්ට නියමිත තුන්වන මාත්‍රාව ලබාගැනීමට කටයුතු කිරීම තුළ ඉදිරියේ දී ඇතිවීමට හැකි බරපතළ තත්ත්වයක් තිබුණත් අපිට අපේ ආරක්ෂාව සපයා ගැනීමට හැකිවෙනවා.”යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *