• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 10 කට පෙර ඉදිකල තඹුත්ගේම සති පොළ විනාශ වෙලා – ප්‍රදේශවාසින්ගෙන් චෝදනා

15 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර, තඹුත්ගේම සති පොළ ඉදි කර වසර 10 කට ආසන්න කාළයක් ගත වී ඇතත් මෙතෙක් එහි සති පොළ ආරම්භ කර නැති බවත්,ප්‍රදේශයේ දේශපාලඥයින් හා මහවැලි නිළධාරීන් එක්ව සතිපොළ භූමියේ ඉඩම් බෙදා ගැනීම සඳහා මේ වන විට කටයුතු කරන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කර සිටිති.

2013 වර්ෂයේ තලාව ප්‍රදේශීය සභාව මගින් ඉදි කළ තඹුත්තේගම සතිපොළ භූමියේ රථ ගාලේ ඉඩම් බෙදා ගැනීමේ අරමුණින් මෙම සති පොළ විවෘත නොකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.මේ වන විට සති පොළ පවත්වාගෙන යන්නේ ප්‍රධාන මාර්ගය අසල බවත්, එය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට මෙන්ම, පදිකයින්ටද බාධාවක් බවත් ප්‍රදේශවාසීන් පවසති.එසේ තිබියදී මීට වසර 10 කට ඉදි කළ සති පොළ තවමත් විවෘත කර නැති බව ප්‍රදේශවාසීන් පවසති.වෙලෙන්දන් 200 කට වැඩි පිරිසකට ඉතා පහසුවෙන් එහි වෙළදාම් කිරීමේ හැකියාව පවතින බවද ප්‍රදේශවාසීන් පවසති.

මේ වන විට සති පොළ භූමියේ ගොඩනැගිලි විනාශ වෙමින් පවතින බවත්, ගවයින්ගේ ගාලක් බවට සති පොළ පත්ව ඇති බවත්, රාත්‍රී කාළයේ එය මත් ලෝලීන්ගේ රජදහනක් වී ඇති බවත් අපට දැක ගත හැකි විය.

සතිපොළට යාබදව පිහිටි තඹුත්තේගම වැව වටා ඇවිදින මන්තීරුවක් ඉදි කර ඇත්තේද වැව කුඩා කර වැව් පිටියේ ඉඩම් බෙදා ගැනීමට බවද ඔවුන් චෝදනා කර සිටිති.

තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රී එච්.එම් අබේරත්න මහතා,

මේ සති පොළ 2012-2013 වර්ෂ වල තමයි ඉදි කිරීම් කලේ, මේ වන විට මේ සති පොළ ගව ගාලක් බවට පත් වෙලා තියෙන්නේ, මේ සති පොළට එහා පැත්තේ තියෙන්නේ තඹුත්තේගම නගරයේ වැව, ‌ෙමේ සති පොළ භූමියේ වැටත් ඉවත් කරන්න කියලා තියෙනවා.ඒ දේශපාලඥයකුට අක්කර භාගයක් විතර මේ ආසන්නයේ වෙන් කරලා තියෙනවා හෝටලයක් හදන්න.මේ සති පොළ විවෘත කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන්නේ මේ රජරට, පාර්ලිමේන්තුව නියෝජනය කරන එස්.එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරයා.ඔහු වෙනත් නමකින් ප්‍රජාශාලාව පිටුපස කොටස අරන් තියෙනවා.එතුමන්ලා මේ සති පොළ විවෘත නොකර මේ දක්වා ප්‍රමාද කලේ දිගින් දිගටම මේ ඉඩම් ටික බෙදා ගැනීමට.ඒ කූඨ ජාවාරම නිසා.සති පොළ විවෘත කළා නම් ප්‍රජා ශාලාවේ රථ ගාල හා සති පොලේ රථ ගාල පරිහරණය කරපුවහම ඉඩම් බෙදන්න වෙන්නේ නෑ. ඒ නිසා තමයි මේ සති පොළ විවෘත නොකර ඉඩම් බෙදීමක් සිදු කරන්නේ.මේ ඉඩම් බෙදීමේදීත් බලපත්‍ර ඉස්සරලාම අතට දීලා තමයි ඉඩම් පෙන්වන්නේ ලංකාවේ පළමු වැනි වතාවටයි එහෙම වෙන්නේ.

මේ සති පොළට කෝටි 03-04 ක් වැය වෙලා තියෙනවා.අද වන තුරු තලාව ප්‍රාදේශීය සභාවේ මේ සඳහා වියදම් කරපු මුදල් සම්බන්ධ තොරතුරු දෙන්න තොරතුරු නෑ,මේ වගේ රජයේ මුදල් විශාල ලෙස විනාශ කරනවා.මේ තඹුත්තේගම වැවේ පස් ගොඩ දාන්නත් කොන්ත්‍රාත් එකක්, පොළ භුමිය පුරවන්නත් කොන්ත්‍රාත්, එක වැඩේට කොන්ත්‍රාත් 2 යි, කෝටි 10 ක් විතර වියදම් කළා.වැවේ පස් ඉවත් කරලා පොළ භූමිය පිරෙව්වා, පොළ භූමිය පුරවන්න කියලා කෝටි ගණනක් ගෙව්වා, වැව හාරන්න කියලා වෙනම කොන්ත්‍රාත් එකක් ගියා.එකම පස් ටිකට රජයේ මුදල් ඇස්තමේන්තු දෙකකින් නිරපරාදේ වියදම් කළා.මේ වගේ විනාශයන් තමයි සිදු වෙමින් පවතින්නේ යැයි පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසින් කියා සිටියේ,

තඹුත්තේගම නගරයේ සති පොළ සඳහා ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයින්ද විශාල ප්‍රමාණයක් පැමිණෙන බවත්, ඒ පැමිණෙන පිරිස් සඳහා රථ වාහන නවතා තැබීම සඳහා තඹුත්තේගම නව සති පොළ භූමියේ රථ ගාලද මේ වන විට බෙදා ගෙන තියෙනවා.වෙලෙන්දෝ බඩු මේ පොලේ බාලා වෙන තැනකට යන්න ඔ්න වාහනය නවත්වන්න.මේ පොලේ තත්වය අකර්මන්‍ය කරලා තියෙනවා.මේ පොළ විවෘත කරන්න තිබුණ කාළ සීමාව දැන් වසර ගණනක් ප්‍රමාද කරලා තියෙනවා.පොළ වීවෘත කිරීම හිතා -මතා නතර කරලා තියෙන්නේ.දැන් ගොඩනැගිලි දිරාපත් වෙමින් යනවා.පොළක් අවශ්‍ය නැත ඉඩම් ටික බෙදා ගමු කියන පරමාර්ථයෙන් තමයි මේ දේශපාලන අධිකාරිය, මහවැලි අධිකාරී නිළධාරීන් කටයුතු කරන්නේ.මෙහි යටි අරමුණ තමයි මුදලට මේ ඉඩම් ටික විකුණා ගැනීම.මේ විශාල ගස් විනාශ කරලා පොළ භූමිය විනාශ කරලා, රථ ගාල් අත්පත් කර ගෙන තඹුත්ත‌ේගම විනාශ කරනවා.බළධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

වසර ගණනක් ඉදි කරපු මේ ගොඩනැගිලි විනාශ වෙද්දිත් මෙහි සති පොළ ආරම්භ නොකරන්නේ මේ ඉඩම් බෙදා ගන්න වුවමනා නිසා.දවසින් දවස දේශපාලන අධිකාරියේ මැදිහත් වීම මත ප්‍රාදේශීය සභාව හා මහවැලි අධිකාරිය එක්ව එකතු වෙලා මේ පොළ විවෘත කිරීම පස්සට දාලා තියෙනවා.ඉතා ඉක්මනින් මේ පොළ විවෘත කරලා ජනතාවට මේ පහසුකම් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 2
Previous Post

උකුවෙල පසුගිය කාලයේ ආපදාවට ලක්වූවන් සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ

Next Post

ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස චමරි අතපත්තු පත්කෙරේ

editor

editor

Next Post

ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස චමරි අතපත්තු පත්කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved