27 April 2024
#දේශීය

වතු කම්කරු වැටුප 1000ක් කිරීම මාර්තුවේ ?

 වතු කම්කරු දෛනික  වැටුප මාර්තු මස සිට රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබාදීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පවසයි.

 ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම් ඉදිරි දින කීපයතුළදි වතු සමාගම් සමඟ අත්සන් කරනු බලන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ආගරපතන, ඩයගම, නට්බෝන් ප්‍රදේශයේදී  ඊයේ  (14) පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇත.

මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඉදිකරන ලද ඩයගම, නට්බෝන් දෙමළ විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැත්විණි.

එහිදී තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා  මෙසේද පවසා තිබේ

       “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්ව  විදිහටම වතු කම්කරුවන්ගේ දිනක වැටුප වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. පසුගිය රජයේ වතුකරයේ සිටි ඇමැතිවරුන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරනවා කියා ඔවුන් රැවට්ටුවා.

වතු කම්කරුවන්ට බොරු කීවා. වතුකරයේ එම ඇමැතිවරුන්ට  වතු කම්කරුවන්ට  වැඩි කරන ලද රුපියල් 50 ක වැටුප පවා දුන්නේ නැහැ. දෙන්න බැරි උනා. 

කියන දේ කරන කරපු දේ කියන අයයි මේ රජයේ ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප් වැඩි කිරීම මාර්තු මස සිට අපි වතු කම්කරුවන්ට ලබා දීමට පියවර ගන්නවා” යැයි කීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *