27 April 2024
#දේශීය

හෙරෝයින් නඩු පසුගිය වසරට වඩා 64% කින් වැඩි වෙලා – ඇමැති නිමල්

පසුගිය වසර වඩා සියයට 64  කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩිව ඇති බවත්  මෙම තත්වය ඉතාමත් ඛේදනීය බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.·

රැදවියන්ගේ වැරැදි  නිසාම නොව සමාජය තුළ පවතින වැරදි නිසාත් බන්ධනාගාර ගතවීම සිදුවන බවත් එබැවින් ඔවුන් දෙස මානුෂිය ලෙස බැලිය යුතු බවත් ඔහු පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ අළුත් වැඩියාව වර්ණ  ආලේප කිරීම සහ වහළ සෙවිලි කිරිම් සදහා ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලේ දෙවන අදියර සදහා ද්‍රව්‍යන් බන්ධනාගාරය වෙත ලබාදීමට එක්වෙමින්ය.

එහිදි TOKYO සිමෙන්ති ආයතනය සියැට් ආයතනය මැක්ටයිල් ආයතනය විසින් සිමෙන්ති ටයිල් හා අනෙකුත් ද්‍රව්‍ය භාරදීම සිදු විය.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි ,බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජයනාත් තෙන්නකෝන් යන මහත්වරුන්ද මෙහිදි අදහස් පළ කළේය.බන්ධනාගාරය අළුත් වැඩියා කිරීමේ පළමු අදියර යටතේ මේ වන විටත් රැදවියන් සිටින ශාලා 14 ක් හා තෙමහල් ගොඩනැගිලි තුනක අළුත් වැඩියා හා තීන්ත ආලේප කිරීමේ කටයුතු රැදවියන්ගේ ශ්‍රම දායකත්වය මත අවසන් වෙමින් පවතියි.

දෙවන අදියර යටතේ පරිත්‍යාගශීලි ආයතනවල අනුග්‍රහයෙන් සිමෙන්ති ටයිල් ඇස්බැස්ටොස් තහඩු ලබා දී සිදු විය.දෙවන අදියර යටතේ බන්ධනාගාර රැදවියන් ආහාර ගන්නා ශාලාවේ වහළ සෙවිලි කර බිම ටයිල් අතුරා සකස් කිරීමට ද නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *