• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට – රාජ්‍ය අමාත්‍ය කනක

9 May 2024
in දේශීය, පුවත්
ජාතික සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වනවා – රාජ්‍ය අමාත්‍ය කනක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි. එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” ඩිජිටල් උපාය මාර්ග සැලැස්ම – 2030 සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. එහි ප්‍රධාන කරුණු 06ක් අප විසින් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු වැන්න යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, කුසලතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සම්බන්ධිත ඩිජිටල් රජයයි. (connected Digital Government) ඒ වගේම සයිබර් ආරක්ෂාව, දත්ත ආරක්ෂාව, පෞද්ගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ ඩිජිටල්කරණය ලෙස අනෙක් කරුණු පෙන්වා දිය හැකියි. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව ගෝලීය ආයෝජන ප්‍රවර්ධන සමුළුවක් ද ජූනි මස 25 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ වගේම පාසැල් සඳහා සුහුරු පන්ති කාමර 1000ක් ලබාදීමට අප කටයුතු කළා. මෙම වසර අවසානයට පෙර තවත් පාසැල් 500ක් සඳහා සුහුරු පන්ති කාමර ලබාදීමට කටයුතු කරනවා. තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරීන් සහ NVQ 4 සුදුසුකම්ලාභීන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට ද කටයුතු කරනවා. එමෙන්ම වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මීට පෙර මුහුද යටින් අදින රැහැන් සඳහා නීති පැවතුනේ නැහැ. ඒ සඳහා නීති ඉදිරිපත් කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා. සියලුම සමාජ ජාලා පරිශීලකයින් ප්‍රමාණය මිලියන 60 සිට මිලියන මිලියන 74ක් දක්වා මේ වන විට වර්ධනය වී තිබෙනවා. එනමුත් ජාතික සයිබර් ආරක්ෂණ පනතක අවශ්‍යතාව පවතිනවා. ඒ අනුව අදාළ පනත 2024 මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම SL CERT ආයතනය සමඟ එක්ව රාජ්‍ය ආයතන 29ක් සමඟ සයිබර් ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ව්‍යාපෘති 5ක් ක්‍රියාත්මක කර තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පින්නවල සහ කිතුල්ගල සංචාරක කොරිඩෝව සංවර්ධනය සඳහා ද රුපියල් මිලියන 750ක් වෙන් කර තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12,901
Previous Post

මෙරට පුරවැසියන් රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා යෙදවීම සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවයි

Next Post

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු සහ ජාතික ජනබලවේගය අතර හමුවක්

editor ttvnews

editor ttvnews

Next Post
ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු සහ ජාතික ජනබලවේගය අතර හමුවක්

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු සහ ජාතික ජනබලවේගය අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved