20 May 2024
#දේශීය #පුවත්

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු සහ ජාතික ජනබලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki , දකුණු අප්‍රිකානු මහකොමසාරිස් Sandile Schalk සහ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt අද (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමුවිය.

ජපාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් MURATA Shinichi, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ දෙවැනි ලේකම් Zanethemba Tshangela, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු අංශයේ පළමු ලේකම් Justine Boillat යන මහත්ම මහත්මීහුද, ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික වෛද්‍ය රිස්වි සාලි, ජාතික විධායක සභික සරෝජා පෝල්රාජ්, ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර්, ජාතික විධායක සභික නීතීඥ හර්ෂණ නානායක්කාර යන අය මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *