• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වායු දූෂිතම නගරය මහනුවර යි……! – ඇමති පාඨලි

9 August 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර නගරයේ වායු දූෂණය වැඩිපුරම සිදුවන බව විද්‍යාත්මකවත් ඔප්පු වී ඇති කාරණයක් බව ඉන්දියාවේ නගර ගත්තහම අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතවලින් ඔබ්බට ගිහින් විශාල දූෂණයකට සෑම නගරයක්ම ලක්වෙලා තිබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේම කොඹ නගරය යම් ප‍්‍රමාණයක බේරිලා තිබෙන්නේ මුහුදු සුළං නිසා බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රදේශ තුළ දැනට පවතින තුරු ආවරණය ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මවක ඉහළ නැංවීම තුළින් නාගරික ප‍්‍රදේශයන් මුහුණ දෙන වායු දූෂණය, පරිසර උෂ්ණත්වය වැඩි වීම වැනි ගැටළු අවම කර සෙවන සහිත සුවදායී තිරසර නගර ඇතිකිරීම අරමුණු කර ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයාත්මක කරන ‘සහසක් තුරු’ මිලියනයක් ශාක සිටුවීමේ වැඩසටහනේ සමාරම්භයට මහනුවරදී සහභාගී වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද මේ ලෝකය ඉතාමත්ම බරපතල පාරිසරික ප‍්‍රශ්නයකට මුහුණ දෙමින් සිටිනවා. එය ලෝකයේ හැමතැනකම අද දැක ගන්න පුළුවන්. අද යුරෝපයේ රටවල් බොහොමයක, ජපානය, කොරියාව මේ හැම රටකම අධික උෂ්ණත්වය නිසා මිනිසුන් මිය යන යුගයක් එළඹිලා තිබෙනවා. ජපානයේ පමණක් 200 කට අධික ප‍්‍රමාණයක් මහා වර්ෂා වලින් වගේම අධික උණුසුමින් මිය ගිහින් තිබෙනවා. ඒ වගේම කැනඩාව වැනි ඉතාමත් සීත රටවල පවා තාප සුළං නිසා විශාල පිරිසක් මිය යමින් සිටිනවා. මෙය පාලනය කරන්න බැරි තත්වයක් යැයි දැන් විද්‍යාඥයෝ අනුතුරු හඟවනවා. එම තත්වය හමුවේ අපේ වායුගෝලයේ උණුසුම පාලනය කරන්න වගේම පිරිසිදු වායුව ආශ්වාස ප‍්‍රාශ්වාස කරන්න ගහකොළින් වන සේවය අපරිමිතයි.

ලෝක තත්වයත් සමග බැලූවහම ලංකාවේ මේ මහනුවරින් ඇයි මේ කි‍්‍රයාදාමය අප ආරම්භ කළේ. එයට ප‍්‍රධානම හේතුව අප පසුගියදා මේ කන්ද උඩරට, විශේෂයෙන්ම මහනුවර නගරයේ ගෙනයන උපාය මාර්ගික නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපි විද්වතුන්ගේ අදහස් විමසුවා. ඒ අයගෙන් ආපු ප‍්‍රධාන දෙයක් තමයි මහනුවර වායු දූෂණය. එය විද්‍යාත්මකවත් ඔප්පු වූ කාරණයක්. මේ රටේ තිබෙන නගරවලින් ඉතාමත්ම වායු දූෂිත නගරය කන්ද උඩරට අපේ මහනුවරයි. ඒ වගේම අපේ ඉන්දියාවේ නගර ගත්තහම අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතවලින් ඔබ්බට ගිහින් විශාල දූෂණයකට සෑම නගරයක්ම ලක්වෙලා තිබෙනවා. කොළඹ නගරය යම් ප‍්‍රමාණයක බේරිලා තිබෙන්නේ මුහුදු සුළං නිසා.

ඒ වගේම අපි 2008 දී නොයෙක් අයගේ බැණුම් මැද ඇති කරපු වාහනවල වායු විමෝචන කි‍්‍රයාවලිය නිසා. මේ මහනුවරත් මෙම කි‍්‍රයාවලිය දියත් කිරීමෙන් අපට යම් ප‍්‍රමාණයකට මේ කාරණ කිහිපයක් පාලනය කරන්න පුළුවන්. එකක් අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමේ කි‍්‍රයාවලියත් ආරම්භ කරන්න පුළුවන්. හොඳින් වැඩුනු ගසකට 4 දෙනෙකුට ප‍්‍රමාණවත් ඔක්සිජන් දවසකට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුනු ගසකට වසරකට මේ වායු ගෝලයේ තිබෙන දූෂිත කාබන් කිලෝග‍්‍රෑම් 12 ක් පමණ අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු ගසකින් හොඳ ජල වාෂ්ප සංයුතියක් ලබාදෙනවා මෙන්ම සෙවනක් ලබාදෙනවා. ඒ වගේම ජලය සංරක්‍ෂණය වීමද සිදුවෙනවා. මේ සියළු කරුණුත් සමග නෙතට හොඳ දසුනක් මේ තුරුවදුලූ සමග අපට ලැබෙනවා. ඒ වගේම කොන්ක‍්‍රීඞ් ගොඩනැගිලි ඉදිකිරීම නිසා ඇතිවන තාප දූපත් මේ මගින් පාලනය වෙනවා. මේ වගේ කාරණා ගණනාවක් නිසා තමයි නගරවල ගස් කොළන් සිටුවීම අපි ආරම්භ කළේ.

ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය වසරේදී රටේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා හරිත මූලධර්ම, හරිත මාර්ගෝපදේශයන් නිකුත් කළා. ඒ අනුව ඒ ගොඩනැගිලිවල බල ශක්තිය නිපදවීම ගොඩනැගිලිවල අපජලය කළමනාකරණය, ඒ වගේම ගොඩනැගිලිවලට භාවිතා කරන අමුද්‍රව්‍ය මේ යනාදි සෑම එකක්ම තිරසර සංවර්ධනය සමග එකට යන දේවල් බවට අද අපි පරිවර්ථනය කරගෙන යනවා. එම නිසා මේ වැදගත් පියවර අප තබන්නේ තවත් වැදගත් වැඩසටහනක් සමග. මේ වගේ ගස් සිටුවීමේ වැඩපිළිවෙලවල් බොහෝ දෙනෙක් දැක තිබෙනවා. ගස් කෝටිය, දෙකෝටිය, දශ ලක්‍ෂය සිටුවා තිබෙනවා. නමුත් මේ හැම ගහක්ම අපි යම් නිෂ්චිත ආකාරයකට ඒ අයව අපි රෙජිස්ටර් කරගෙන තිබෙනවා. ගස තිබෙන්නේ කොහේද කියා අපි දන්නවා. ගහේ වර්ධනය අපි සලකුණු කරනවා. ගහට අනතුරක් සිදුවනවාද නැද්ද යන්න වගකීම දරන්නෙක් සිටිනවා. ඒ අනුව මෙම ගස් සුරක්‍ෂිතව වැඩෙන බවට රක්ෂණාවරණයක් සමග තමයි අපි මේ පැල සිටුවන්නේ. ගසක් සිටුවනවාට වඩා වැදගත් දෙය එය රැක බලාගෙන නිෂ්චිත තත්වයකට පත් වෙනකන් ඒ ගහ ස්වයංව වැඩෙනකන් සතා සිව්පාවාගෙන් සහ වෙනත් අනුතුරු වලින් ආරක්‍ෂා කර ගැනීම පිළිබඳවත් නිෂ්චිත වැඩසටහනක් සමගයි මෙය සිදු කර තිබෙන්නේ. ඕනෙම කෙනෙකුට මේ සඳහා දායක විය හැකියි. ඉදිරි කාලයේදී අපි අපේ සෑම නිවාස සංකීර්ණවල සෑම පවුලකටම අඩු ගණනේ එක ගසක් රැක බලා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කරන බවද යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 1
Previous Post

රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල් ගල තැබිම හෙට…..!

Next Post

දිගටම වර්ජනය කලොත් විකල්පක් ගන්නවා – නි. ඇමැති අශෝක්

editor

editor

Next Post

දිගටම වර්ජනය කලොත් විකල්පක් ගන්නවා - නි. ඇමැති අශෝක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved