27 April 2024
#සංවර්ධන

රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල් ගල තැබිම හෙට…..!

රුපියල් මිලියන 2500ක වියදමින් ඉදිකිරිමට නියමිත නව අධිකරණ සංකිර්ණයට මුල්ගල් තැබිමේ උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) දින රත්නපුර නව නගරයේ, උසාවි සංකිර්ණ භුමියේදි පැවත්වීමට නියමිතයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ උසාවිවල පවතින තදබදය හා එහි දැනට ඇති ගොඩනැගිලි යල්පැන ගිය ස්වභාවය මෙන්ම භුමියේ පවත්නා ගැටළු සහගත තත්වය හේතුකොට ගෙන මෙම අධිකරණ සංකිර්ණය කඩිනමින් ඉදිකිරිම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ . මෙම සංකිර්ණය මගින් මහෙස්ත්‍රාත් අධිකරණ 02, දිසා අධිකරණ 02, මහ අධිකරණ 03,කම්කරු විනිශ්චයසභා 01 ක ඉදිකිරිම වසර 03කින් අවසන් කිරීමට නියමිතයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *