27 April 2024
#දේශීය

මෙවර උසස් පෙළ විභාගයෙන් පළමු දෙවන ස්ථාන ප්‍රකාශයට පත් කරන්නේ නැහැ – විභාග කොමසාරිස් ජෙනරාල්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.

එම ප්‍රතිඵල මාර්ගගත ක්‍රමවේද මඟින් බාගත කර ගැනීමට විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ත් පෞද්ගලික අයදුම්කරුවන්ට ද තමන්ගේ ප්‍රතිඵල බාගත කර ගැනීමට පහසුකම් සලසා දී ඇති බව හෙතෙම පැවසිය.

අද (05) දින කොළඹ දී මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ දිවයිනේ දක්ෂත ම සිසුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනු ලැබූ බව ත් විශේෂඥ මනෝ උපදේශන සභාවක නිර්දේශ අනුව 2019 වසරේ දී ගනු ලැබූ තීරණයකට එය ක්‍රියාවට නංවන බව ද පැවසී ය.

ඒ අනුව මෙම විභාග සාධන පරීක්ෂණ ලෙස පමණක් සලකනු ලබන විභාග විනා පළමුවැන්නන්, දෙවැන්නන් තෝරන විභාගයක් නොවන බව ත් දිස්ත්‍රික් සහ සමස්ත ලංකා තරාව තෝරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතු සඳහා බව ත් දැනට ඇති වී තිබෙන දැඩි තරඟකාරීත්වය විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන දරුවන්ට සේ ම නොලබන දරුවන්ට ද එක සේ බලපාන මානසික පීඩනයක් නිසා එම තීරණයට පැමිණ ඇති බව ද සඳහන් කළේ ය.

පාසල් විවෘත කිරීමෙන් අනතුරු ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසල් මාර්ගයෙන් මෙන් ම පෞද්ගලික අයදුම්කරුවන්ට ද මාර්ගගත ක්‍රමවේදයන් අනුව අයදුම් කිරීමට පහසුකම් සලසා දෙන බව ත් ඒ පිළිබඳ ඉදිරියේ දී පුවත්පත් දැන්වීම් මඟින් දැනුම් දීමට කටයුතු කරන බව ද අවධාරණය කළේ ය.,

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *