27 April 2024
#සංවර්ධන

සුවසැරියට අලුත් ගිලන් රථ 112 ක් රට වෙනුවෙන් හරිදේ කරමු යැයි ආචාර්ය හර්ෂ කියයි

1990 සුවසැරිය රටේ ජනතාව වෙනුවෙන් දිනෙන් දිනම දියුණුවට පත්වීම පිළිබඳව තමා හදවතින්ම සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සුවසැරියට අලුතෙන් ගිලන් රථ 112 ක් ලබාගැනීමට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කර තිබෙන යෝජනාව කොවිඩ්-19 වසංගතය උත්සන්නව තිබෙන මේ අවස්ථාවේ ඉතාමත් කාලෝචිත එකක්. පක්ෂ පාට බේදයකින් තොරව හරිදේ කිරීමයි රට ඉදිරියට ගෙන යාමට වැදගත් බව හෙතෙම පැවසිය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා “එක ආණ්ඩුවක් කරපු දේ අනිත් ආණ්ඩුව නතර කිරීම, ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති මාරුවීම නිසා තමයි අද ලංකාව මේ තත්ත්වයට වැටිල තියෙන්නේ. සුවසැරියට විවේචන ආවා. කරන්න එපා කිව්වා. නමුත්, ඒ ව්‍යාපෘතියේ තිබෙන සාර්ථකත්වය රටම පිළි අරගෙන තිබෙනවා. ඒ ගැන මට අවංක සතුටක් දැනෙනවා. සමහරු කිව්වා, මේ ගිලන් රථ ටික ඉවර වුණහම මේ ව්‍යාපෘතියත් ඉවරවෙයි කියලා. නමුත්, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වර්තමාන රජයද දක්වන ඉහළ දායකත්වය වෙනුවෙන් මා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමියටත්, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් නායකත්වය දෙන දුමින්ද්‍ර රත්නායක මහතාටත්, සොහාන් ද සිල්වා මහතා ඇතුළු සුවසැරිය කාර්ය මණ්ඩලයටත් රට වෙනුවෙන් ඔවුන් කරන සේවය වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම, මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට නොමද සහයෝගය දුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාටත් මා ස්තූතිවන්ත වෙනවා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *