මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 81 ක් වටිනා ජලභීතිකා එන්නත් තොගයක් ජර්මානු රජය විසින් ඊයේ (12) ප්රදානය කල බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ජර්මානු රජයේ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍යාංශය (BMZ) යටතේ වන GIZ Sri Lanka වැඩසටහනේ අධ්යක්ෂ නිකලස් ලමාඩේ (Nicolas Lamade) මහතා විසින් නිල වශයෙන් භාර දෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා GIZ Sri Lanka වැඩසටහනේ උපදේශක අෂ්රෆ් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 සහ ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන්ද සහභාගි විය.