27 April 2024
#දේශීය

පළමු ශ්‍රේණිය සහ උසස් පෙළ සඳහා ළමුන් ඇතුළත් කිරීම පාසල් මඟින් පමණක් සිදු කෙරේ – අධ්‍යාපන අමාත්‍යංශය

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මඟින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

තව ද 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම සිදු කළ යුතු අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු ය.

2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන්වන වාරය ආරම්භ වූ 2022.12.05 දින සිට නවාතා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසිය. එසේම 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බැලීමෙනි.

මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *