27 April 2024
#දේශීය

මව සහ දරුවෙකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කරයි

දමන, වරාලන්න ප්‍රදේශයේ ඊයේ (01) පෙරවරුවේ නිවසේ පදිංචි මවක් සහ දරුවෙකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය මිය ගිය කාන්තාවගේ අනියම් සැමියා විසින් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර අදාළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. මිය ගිය කාන්තාව වයස අවුරුදු 33 ක් වු අතර මිය ගිය දරුවා අවුරුදු 13 ක් වේ.

මෘත ශරීර අම්පාර රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂනය අද (02) දින සිදු කිරීමට නියමිතයි. දමන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *