• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොතලාවල ආරක්‍ෂක පීඨ පනත මගින් අධ්‍යාපනය මිලිටරිකරණයත් සිදුවනවා – සමාජවාදී ශිෂ්‍ය සංගමය

12 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල්, මෛත්‍රී හවුල් ආණ්ඩුව ජෙනාරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත එහි අකුරක්වත් වෙනස් නොකර අද මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ගෙන එන්න කටයුතු කර තිබෙන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.

එම සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා විමසා සිටියේ අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත වගේ පනත් තියෙද්දී අලුතින් පනතක් ගෙන එන්නේ ඇයි දැයි?

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු රංගන දේවප්‍රිය මහතා “ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධ පනත සම්මත කළේ අපේ රටේ ආරක්‍ෂක අංශවලට අදාළ කණ්ඩායම්වලට විශේෂ අධ්‍යාපනයක් ලබාදෙන්නයි. නමුත් අද ගෙන එන සංශෝධනවලින් වෙනත් තැනැත්තන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙන්නත් සූදානම් වෙනවා. අපේ රටේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ ඉඩ පහසුකම් පුළුල් කර වේගවත් කරන්න මේ පනත ගෙන එන බව ඉතා පැහැදිලියි. සයිටම් ආයතනය ස්ථාපනය කරද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ආයෝජන මණ්ඩලය, වෛද්‍ය සභාව වගේ ආයතනය ගණනාවක අනුමැතිය ලබාගන්න සිදුවුණා. මේ පනත හරහා ඒ සියලු ආයතන නොසලකා හැර මුදල් අය කිරීමේ උපාධි ලබාදීමේ බලය ලබාදෙන්න සූදානම් වෙනවා. මහජනතාවට හෝ යම් ආයතනයකට සපයනු ලබන අධ්‍යාපනික හා වෘත්තීය පුහුණුවීම් ඇතුළු පාඨමාලා සඳහා ගාස්තු අයකිරීම සඳහා අවශ්‍ය කරන ඉඩකඩ මේ ආයතනයට නිර්මාණය කර දී තිබෙනවා. මේ ආයතනයට වැටුප් ගෙවන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලිවලින්. එවැනි ආයතනයකට උපාධි ලබාදීමේ බලතල ලබාදෙන්න යනවා. ශිෂ්‍යයින්ගේ, ආචාර්යවරුන්ගේ, අනධ්‍යයන කාර්යමණ්ඩවල අයිතීන් සහ නිදහස සීමා කිරීම මේ තුළ ඇතුළත් වෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණයට අමතරව අනාගතයේ මේ පනත යටතේ මිලිටරිකරණයට අදාළ ඉඩකඩ ලබාදෙනවා. ශිෂ්‍යයින්ගේ ශිෂ්‍ය සංගම්, ආචාර්යවරුන්ගේ ආචාර්ය සංගම් සහ අනධ්‍යයන සේවකයින්ගේ අනධ්‍යයන සේවක සංගම් පිහිටුවීමට 1978 පනත මගින් විශ්වවිද්‍යාලවලට ඉඩ ලබාදි තිබෙනවා. මේ පනත යටතේ ඒ සියලු අවස්ථා අහෝසි කරනවා. මේ පරිපාලනය සම්පූර්ණ මිලිටරිකරණ ව්‍යුහයක් පත් කරනවා. ඔවුන්ට රටේ සාමාන්‍ය නීතියෙන් එහා හමුදා නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් ලබාදෙන්න යනවා. ගුවන් හමුදා පනත, හමුදා පනත, වගේ පනත්වලින් පනවා තිබෙන විනය නියෝග මේ ආයතනයටත් අදාළ කෙරෙනවා. විශ්වවිද්‍යාලයක් කියන්නේ නිදහස් භූමියක්. හුදෙක් පංති කාමරයක් නොවෙයි. නමුත් මේ පනත මගින් නිර්මාණය කෙරෙන ආයතන තුළ ශිෂ්‍යයින්ගේ නිදහස සම්පූර්ණයෙන් සීමා කර තිබෙනවා. පිටස්තර පුද්ගලයෙක් ඇතුළට කැඳවාගෙන එන්නවත් බැහැ. මේ පනත යටතේ බිහි කෙරෙන විද්‍යාර්ථයින් රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් බිහි කෙරෙන විද්‍යාර්ථයින්ට ලැබෙන අත්දැකීම්වත් නොලබන තත්වයක් ඇති වෙනවා. අපේ රටේ සන්නද්ධ හමුදාවලට අවශ්‍ය විශේෂ දැනුම ලබාදෙන්න අවශ්‍ය නම්, ඊට බාහිර පුද්ගලයන්ට මේ ආයතනයෙන් දැනුම ලබාදෙන්න නම් ආණ්ඩුව කරන්න ඕනෑ වෙනම පනතක් ගේන එක නෙවෙයි. පවතින මේ ආයනතයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට ගන්න එකයි. ඒ තුළින් ශිෂ්‍යයන්ට පහසුකම් වගේම උපාධියට ලැබෙන පිළිගැනීමත් ඉහළ යනවා. මේ ආයතනය ඇතුළේ සන්නද්ධ සාමාජිකයන්ට අමතරව ඉන්න සිවිල් ශිෂ්‍යයන් බරපතළ ගැටලු කිහිපයකට මුහුණ දී සිටිනවා. රට ඇතුළේ වගේම විදේශයන්හිදී අදාළ පිළිගැනීමට මෙම උපාධි ලක්වෙන්නේ නැහැ. හෙද උපාධිය වැනි උපාධි සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් ආවා. ඒ නිසා රැකියා ලබාගැනීමේදී අවිනිශ්චිතතාවයකට ලක් වෙනවා.
මෙවැනි ගැටළු මගහරවා ගන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පවරා ගැනීමෙන් හැකි වෙනවා. සිවිල් ශිෂ්‍යයන්ට වගේම සන්නද්ධ අංශවල ඉන්න අයටත් ලැබෙන උපාධියට සාධාරණ පිළිගැනීමක් හිමි වෙනවා. මහපොළ ශිෂ්‍යත්වය සහ ශිෂ්‍යාධාර ලබාගැනීමේ හැකියාවත් මේ ශිෂ්‍යයන්ට ලැබෙනවා. ඒ නිසා මේ ආයතනයට වෙනත් පනතක් ගේන්නේ නැතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පවරා ගැනීමෙන් ශිෂ්‍යයන්ට වඩාත් යහපත් තත්වයක් අත් වෙනවා. නමුත් ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ගයකට යන්නේ නැහැ. අපේ රටේ නිදහස් අධ්‍යාපනය වනසන පනත් ගේන්න යොමු වෙනවා. ඒ නිසා මේ පනත වහාම හකුළා ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ජනාධිපතිවරයා බලයට පත්වුණේ පහුගිය ආණ්ඩු ගෙන ආ ජනතා විරෝධී ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නද කියලා අපි ප්‍රශ්න කරනවා. අපේ රටේ අධ්‍යාපනය විකිණීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට පසුගිය ආණ්ඩුව හා සමාන ක්‍රියාමාර්ග තිබෙන බව මේ පනත මගින් ඔප්පු වෙනවා. පෞද්ගලික උපාධි ලබාදෙන ආයතන ගණනාවක් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පවරා ගන්නා ලෙස අපි බල කරනවා. ඒ වෙනුවෙන් අධ්‍යාපනයට සම්බන්ධ සියලු බලවේග අපි පෙළගස්වන බව අවධාරණය කරනවා.

මෙම අවස්ථාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජික ජීවන හරිශ්චන්ද්‍ර, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අරුල් කෝගිලන් යන අයද සහභාග වූහ.

 

Post Views: 6
Previous Post

කාබනික පොහොර භාවිත කරන්නේ නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනපති කියයි

Next Post

කොවිඩ් පාලනයට සංචරණ සිමා පැනවේ

editor

editor

Next Post

කොවිඩ් පාලනයට සංචරණ සිමා පැනවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved