27 April 2024
#දේශීය

අධිකරණ ඇමති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කරයි

රස පරීක්ෂක වාර්තා ලබාදීමේදී අවශ්‍ය මානව හා භෞතික සම්පත් තවදුරටත් ලබාදීම කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු අංශ නිරීක්ෂණය කළ අමාත්‍යවරයා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර ඒ පිළිබදව පවතින ගැටළු පිළිබදව අවධානය යොමු කළේය.

පරීක්ෂක වාර්තා ලබාදීමේදී අවශ්‍ය මානව හා භෞතික සම්පත් තවදුරටත් ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇතුළු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාව සදහා එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *