27 April 2024
#දේශීය

පාරම්පරික වෙදකම රැකගත යුතුයි – ආණ්ඩුකාර මහිපාල

පරම්පරික වෙදකමට වර්තමානගේ බොහෝ දෙනා එය නොසලකා හරින තත්ත්වයක් ඇති බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසූයේ අනුරාධපුර පලුගස්වැව හොරිවිල පාරම්පරික කැඩුම් බිඳුම් වෙද ගෙදර නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ඉදි කළ කාමර දෙකකින් යුත් නව වාට්ටු ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි

මෙම වාට්ටු ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා හිටපු ඉඩම් අමාත්‍ය හා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුන් ද එක් වූහ

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙම වෛද්‍ය ක්‍රමය තව ඉදිරියට ගත යුතුයි. එය ඉදිරියට ගෙන යාමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතුයි. නවීන තාක්ෂණය මෙම වෛද්‍ය ක්‍රමය සඳහා උපයෝගී කර ගත යුතුයි. අපි හැමෝම මේ සඳහා සහයෝගය දිය යුතුයි. බටහිර වෛද්‍ය ක්‍රමය සුවකළ නොහැකි රෝග පාරම්පරික වෛද්‍ය ක්‍රමය මගින් නිට්ටාවට සුව කළ හැකියි. අවුරුදු ගණනාවක් තිබූ මගේ කොන්දේ අමාරුව කළේ හොරුවිල මේ ශාන්ත වෙද මහතා මෙවැනි දක්ෂ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම අප අතර රැක දුන්නොත් තමා අනාගත පරපුරට මෙමගින් ප්‍රයෝජනයක් ගත හැක්කේ වර්තමාන තාක්ෂණය මෙම වෛද්‍ය ක්‍රමයට යොදාගත යුතුයි එවිට වඩා කාර්යක්ෂමය කළ හැකිය පැවසීය

පළාත් සභා අරමුදල් මගින් රුපියල් ලක්ෂ 48 ක මුදලක් මේ සඳහා වැය කර ඇතැයි දැනට හොරුවිලකැඩුම් බිඳුම් විශේෂඥ වෛද්‍ය ශාන්ත සෙනෙවිරත්න වෛද්‍යවරයා හොරුවිල කැඩුම් බිඳුම් වෙද පරම්පරාවේ 29වන වෙද පරම්පරාවට අයිති වෛද්‍යවරයකු වන අතර දෙස් විදෙස් රෝගීන් විශාල සංඛ්‍යාවක් නේවාසික සහ බාහිර‍ රෝගී අංශයෙන් මෙහි දිනකට ප්‍රතිකාර ලබයි .නව අත්හදා බැලීම් මගින් ශරීරය තුළ ඇති දැනට බහුලව පවතින කොන්දේ අමාරු, උරහිස් අමාරු, දනහිස් සහ පාද ආශ්‍රිත රෝග සඳහා මෙහිදී විශේෂඥ ප්‍රතිකාර ලබාගත හැකිය

මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් කුමාරි ජයසේකර, ආණ්ඩුකාර ලේකම් සුජන්ත ඒකනායක, පළාත් ආයුර්වේද කොමසාරිස්, ආයුර්වේද වෛද්‍යවරු, රජයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *