• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සම්පත් කළමනාකරණය හා විභාග බර අඩු කරන නව අධ්‍යාපන පරිවර්තනය නුදුරේදීම පටන් ගන්නවා – ඇමැති සුසිල්

16 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවත්නා සම්පත් නිසි ලෙස කළමනාකරණය කරමින් විභාග බර අඩු කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන ජනවාරී සිට ඇරඹෙන අතර එහි දර්ශීය කලාපයට මහ කොළඹ ආර්ථික බල ප්‍රදේශය තෝරාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අනුග්‍රාහකත්වයෙන් කොටහේන කුමර විද්‍යාලයේ දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ දහයක් වටිනා වියළි ආහාර තොගයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් එම විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

සෑම ජන වර්ගයකට ම අයත් එක්ලක්ෂ අසූහතරදාහක සිසුන් වැඩි ම ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන කොළඹ කලාපය තුළ මේ වනවිටත් එම අධ්‍යාපන පරිවර්තන කාර්යන් සිදු කරන බව අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව පාසල් දිවා ආහාර වැඩසටහන, උපදේශන වැඩසටහන, පාසල් තුළ විෂමාචාර වැළැක්වීමේ වැඩසටහන හා වෘත්තීය පුහුණු මාර්ගෝපදේශන වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පෝෂණ වැඩසටහනට සමගාමී ව ආනන්ද විද්‍යාලයෙන් දක්වන ලද අනුග්‍රහය පැසසුමට බඳුන් කළ අමාත්‍යවරයා මෙම පාසල් දෙක අතර ආරම්භයේ පටන් ම අවියෝජනීය ආගමික, ආධ්‍යාත්මික හා භෞතික සබඳතාවක් පවතින බව පෙන්වා දුන්නේ ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රමුඛ පාසලක් විසින් අදාළ පර්ෂද පාසල් පෝෂණය කිරීමේ සංකල්පයට ද ආනන්ද විද්‍යාලය හා කොටහේන කුමර විද්‍යාලය සහසම්බන්ධ වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමගින් සම්පත් අඩු පාසල්වලට ගුරුවරුන්, වියළි ආහාර, පාසල් උපකරණ වැනි මානව හා භෞතික සම්පත් හුවමාරු කරගනිමින් පිරිමැසුම්දායක ලෙස සම්පත් භාවිත කිරීම ඔස්සේ රටේ පවත්නා ආර්ථික අභියෝග යම් දුරකට ජය ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ඉන්දියාවේ මධ්‍යම රජය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයක් වෙනුවට මානව සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශ පවතින්නේ ප්‍රාන්තවල බවත් ඒ ඔස්සේ යමින් මෙරට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන රාශිය ම ඒකාබද්ධ ව භාවිත කරමින් ඉදිරියේ දී මානව සම්පත් කළමනාකරණයට ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට එම විදුහලේ විදුහල්පති පූජ්‍ය වස්කඩුවේ සුසීම හිමියන්, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී. එන්. සිල්වා මහතා සහ කොළඹ ආනන්ද විද්‍යාලයීය විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

 

 

Post Views: 0
Previous Post

ඒකාබද්ධ, සැලසුම් සහගත කළමනාකරණයක් සහිත අයවැයක් -අගමැති

Next Post

පොහොර ගැනීමේදී හිරිහැරනම් පැමිණිලි කරන්න දුරකතන අංකයක් – ඇමැති අමරවීර

editor

editor

Next Post

පොහොර ගැනීමේදී හිරිහැරනම් පැමිණිලි කරන්න දුරකතන අංකයක් - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved