• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය හිතාමතාම කඩා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බව විපක්ෂනායක කියයි

22 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය හිතාමතාම කඩා දැමීමේ කුමන්ත්‍රණයක නිරත වන බවත් රජය විසින් ඖෂධ නියාමන අධිකාරී පනත සහ වෛද්‍ය සභා පනත සහමුළින්ම ඉවත් කිරීමට උත්සාහ දරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (21) විපක්ෂයේ පක්ෂ විධායක සභාව විසින් වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ සංගම් රාශියක් සමඟ සිදු කරන ලද සාකච්ඡාවක් අතරතුරදීය.

මෙම පනත් හි කාලානුරූපව සංශෝධන ඇතිවිය යුතු බවට තමා විශ්වාස කළත් සම්පූර්ණයෙන්ම මෙම අන පනත් ඉවත් කරනවා යනු ඖෂධ මාෆියාවකට ඉඩ සැලසීම සහ විවිධ බහුජාතික ඖෂධ සමාගම් ප්‍රමුඛ ජාත්‍යන්තරයට මෙරට ඖෂධ ප්‍රතිපත්තිය හැසිරවීමට ඉඩ ලබා දීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මොහොත වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය ව්‍යසනයක් බවට පත්වී තිබෙන බවත් වෛද්‍යවරු රට හැරයාම බුද්ධිගලනය සිදුවීම මෙන්ම ඖෂධ හිඟයක් ද ඇතිව තිබෙන බවත් රජයක වගකීම වන්නේ දරාගත හැකි සාධාරණ මිලකට ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ සැපයීම වුවත් වත්මන් රජය සිදු කරන්නේ අණ පනත් උපයෝගී කර ගෙන ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර කර ගෙන අමාත්‍යවරයාගේත් ලේකම්වරයාගෙත් පාලකයන්ගෙත් හිතුමතේට ඖෂධ ක්ෂේත්‍රයේ ගජමිතුරු ධනවාදයක් නිර්මාණය කරමින් තමන්ගේ හිතවතුන්ට මෙරට ඖෂධ ගෙන්වීම හා වෙළෙඳපොළට නිකුත් කිරීම ඉඩ ලබා දී බාල ඖෂධ මාෆියාක් ක්‍රියාත්මක කරවීම බවත් හෙතෙම පැවසීය.

රට තුළ ක්‍රියාත්මක වන ඖෂධ මාෆියාව නතර කළ යුතු බවත් මේ දුෂිත ක්‍රමවේද පරාජය කළ යුතු බවත් මෙය මහජන දේපල රටේ සල්ලි ජනතාවගේ සල්ලි මංකොල්ලකෑමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේය. එසේම අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ඖෂධ එකවර ගෙන්වීම තුළ ජනතාවගේ මුදල් නාස්ති කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ඔහු අනාවරණ කළේය.

මේ රටට දේශපාලන භේදයකින් තොර විනිවිදභාවයෙන් යුක්ත කාර්යක්ෂම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් එය ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලන බලපෑම් බැහැර විය යුතු බවත් ඒ සඳහා පර්ලිමේන්තුව හරහා කළ හැකි උපරිම අරගලය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට ධනාත්මක ඕනෑම හොද දෙයකට සමගි ජන බලවේගය සහාය ලබා දුන්නත් එය සිදු කරන්නේ තනතුරු බලාගෙන නොවන බවත් මිනිසුන් මරණ මංචකය කරා ගෙන යන ආණ්ඩුවක් සමඟ අත්වැල් බැද ගැනීමට සූදානම් නොවන බවත් හෙතෙම කියා සිටියේය.

අස්වැසුම වැඩසටහන හරිහැටි සමීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වුන නිසා එය අසාර්ථක වූ බවත් එම ක්‍රමවේදයම සෞඛ්‍ය ක්ෂේත්‍රයට යොමු කිරිම හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රය ද විනාශ කිරීමේ වැඩසටහනක රජය නිරත වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී පොදු ජනතාවගේ ජීවිත සුරැකීම වෙනුවෙන් සිට ගන්නවාද නැතිනම් ජනතාව මරණ මංචකයට ගෙන යන ප්‍රතිපත්ති වෙනුවෙන් සිටගන්නවාද කියා පාර්ලිමේන්තුවේ 225 දෙනාට තීන්දු කිරිමට සිදුවන බව ද පැවසීය.

මේ අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභා පනත පිළිබඳ සාකච්ඡා කිරිම සිදු විය. මේ අවස්ථාවට Sri Lanka Association of Clinical Pharmacology and Therapeutics, Sri Lanka Medical Association නියෝජනය කරමින් පිරිසක් එක් විය.

Post Views: 1
Previous Post

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයෙකුට පහරදුන් අයෙකු අත්අඩංගුවට

Next Post

සිංගප්පූරුවේ Willing Hearts සංවිධානයෙන් මෙරටට සෞඛ්‍ය අමාත්‍යංශයට ආධාර තොගයක්

editor

editor

Next Post

සිංගප්පූරුවේ Willing Hearts සංවිධානයෙන් මෙරටට සෞඛ්‍ය අමාත්‍යංශයට ආධාර තොගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025
මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025

Recent News

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025
මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

6 June 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025
මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved