27 April 2024
#දේශීය

සිංගප්පූරුවේ Willing Hearts සංවිධානයෙන් මෙරටට සෞඛ්‍ය අමාත්‍යංශයට ආධාර තොගයක්

සිංගප්පූරුවේ Willing Hearts සංවිධානයේ මූලික මැදිහත්වීමෙන් රුපියල් මිලියනයකට ආසන්න ආධාර තොගයක් ඊයේ (21) පෙරවරුවේ භාර දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ආබාධිත හා වැඩිහිටි පුද්ගලයින් සඳහා රෝද පුටු, ගර්භණී කාන්තාවන් සඳහා අවශ්‍ය උපකරණ සහ වියළි ආහාර, කුඩා දරුවන් සඳහා අවශ්‍ය උපකරණ ඒ අතර විය.

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය හා සිංගප්පූරුවේ සිංහල බෞද්ධ සංවිධානය වෙත සිංගප්පූරුවේ ජනතාව මෙම ආධාර ලබා දී ඇත. Willing Hearts සංවිධානයේ නිර්මාතෘ Tony Tay ( ටෝනි තේ) මහතා හා සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ආගමික අනුශාසක කරදෙතියන ගුණරතන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් සහ සිංහල බෞද්ධ සංවිධානයේ ප්‍රධානී ලිමි ලියොං කියෙව් මහත්මියගේ මැදිහත්වීමෙන් මෙම ආධාර තොගය මෙරටට ලබා දී ඇත.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරී පිරිසක් සහභාගි වූහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *