27 April 2024
#දේශීය

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයෙකුට පහරදුන් අයෙකු අත්අඩංගුවට

තලාව ජයගග ප්‍රදේශයේ නිවසක ඊයේ ( 21) විදුලිය විසන්ධි කිරිමට ගිය සේවකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ගෙහිමියා විසින් බලු කූඩුවේ තිබූ පිට ලෑල්ලකින් පහරදීමක් සම්බන්ධයෙන් තලාව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙදින, කැකිරාව විදුලි අධිකාරී බලප්‍රදේශයට අයත් තලාව ජයගග ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා කටයුතු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක සේවකයින් දෙදෙනෙක් මෙම නිවසේ විදුලිය විසන්ධි කිරීම සදහා ඊයේ දහවල් කාලයේ පැමිණ ඇත.

පසුව නිවසට පැමිණි මොවුන්,නිවසේ විදුලිය ව්සන්ධි කිරීමට අවශ්‍ය බව පවසා ඇත. අනතුරුව මෙම නිවසේ මව සහ පුතා විසින් මෙම නිවසේ විදුලිය විසන්ධි නොකරන ලෙසත් එදිනම හිග විදුල බිල ගෙවා දමන බවටත් දැනුම් දී ඇත.

එනමුත් විදුලිය විසන්ධි කිරීමට ආ පුද්ගලයින් පවසා ඇත්තේ, ඔවුන්ට ඉහලින් ඇවිත් තිබෙන් නියෝග නිසා විදුලිය විසන්ධි කිරීම අනිවාර්යෙන්ම කල යුතු බව‍යි.

ඒ අනුව ඔවුන් නිවසේ, විදුලිය විසන්ධි කිරීමට උත්සහ දැරීමේදී, තමන්ගේ කීම නොඇසීම සම්බන්ධයෙන් උරන වූ නිවසේ පුද්ගලයෙකු, විසින් අසල තිබූ බලු කූඩුවේ වහලය උඩ තිබූ ලෑල්ලකින් විදුලිය විසන්ධි කිරීමට උත්සහ දැරූ පුදගලයාට පහර දී ඇත.

මෙම පහර දීමේදී ලෑල්ලා කැඩී යාම නිසා මොහු තවත් මොහුට පහරදීම සදහා නිවසේ, තිබූ සවලක් රැගෙන් ඒම නිසා මොවුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තලාව පොලිසිය වෙත පැමිනිල්ලක් යොමු කිරීමටත් පහර කෑමට ලක් වූ පුද්ගලයා තලාව රෝහට ප්‍රතිකාර ගැනීම සදහා ඇතුලත් වීමටත් කටයුතු කර ඇත. පසුව මෙම පුද්ගලයින් ගෙහිමි කාන්තාවටද පහර දුන් බව පවසමින් ගෙහිමි කානතාවද තලාව රෝහලේ ප්‍රතිකාර ගැනීම සදහා ඇතුලත්ව ඇත.

පහරීම සිදුකල පුද්ගලයා මේවන විට තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

අනුරාධපුර – තිසර සමල්

Leave a comment

Your email address will not be published. Required fields are marked *