• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දළදා මාලිගාවට බෝම්බ ගහපු පුද්ගලයාව ලඟ තියාගෙන අපහාස කරපු කෙනා අත්අඩංගුවට ගන්නවා – සිවිල් සංවිධානයේ නායක චන්දන

6 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උතුම් දළදා වහන්සේට අපහාස කළා කියලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා, දළදා මාලිගාවට බෝම්බ ගහපු පුද්ගලයාව ලඟ තියාගෙන, හත් දෙයියනේ කාටද මේවා කියන්නේ යැයි බුද්ධිමය අරගලය සිවිල් සංවිධානයේ නායක චන්දන ප්‍රේමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (06) පස්වරුවේ අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,” මොකක්ද මේ වෙන්නේ මේ රටට? මේ රට ඉවරයි, මේ රටේ ජනතාවගේ අනාගතය අවිනිශ්චිතයි, දරුවන්ගේ අනාගතයට මිනී වලවල් කැපෙනවා, ඇයි දෙයියනේ මේ රටේ දේශපාලඥයොන්ට අවංක වෙන්න බැරි ඇයි තවත් ජාවාරම්කාරයෝ වගේ, තිරිසන්නු වගේ හැසිරෙන්නේ, මේ සියලුම දේශපාලඥයෝ පුනුරුත්ථාපනය කරන්න කාළය ඇවිල්ලා තියෙන්නේ. දේශපාලන පක්ෂ බලය ගන්න හදන්නේ යහපත්, අවංක ක්‍රියාවන්ගෙන්ද? ජනතාව නොමඟ යවන සෙප්පඩ විජ්ජා පෙන්නලා. තිළිණි ප්‍රියමාලිව ගෙන්නනවා, එයා නටනවා, මධ්‍ය තුළ මාස ගණනක් නැටුවේ එයා, ඊට කලින් පාස්කු ප්‍රහාරයක් ගෙන ආවා, ඒ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් තවමත් නෑ, අපි දන්නේ නෑ කවුද කලේ කියලා, හැබැයි මේ රටේ අපේම සහෝදර ජනතාවකට වෙච්ච ඒ අලකලංචියට යුක්තිය ඉෂ්ඨ කරන්න ඕන, නැත්නම් මේ රටේ දේශපාලඥයොන්ට ගැලවීමක් නෑ කියලා හිතා ගනිල්ලා.දැන් ආගම් ප්‍රශ්නයක් ගෙනල්ලා, මේවා ඔක්කොම සලකන්නේ මාකටින් වල ප්‍රවර්ධනයේදී තියෙනවා, අධිමානසික මනෝවිද්‍යා මූලධර්ම වලින් තමයි මෙයාලා සෙල්ලම් කරන්නේ, අවංකව රටට ජනතාවට සේවයක් කරලා නායකත්වයට පත් වෙන්න සූධානමක් නෑ, කරන්න හදන්නේ කපටිකම, වංචාව, හොරකම, බොරුව, කට්ට කයිරාටික, වෙට්ට පිත්තල වැඩ කරලා බලයට පත් වෙන්න, විලි ලැජ්ජා නැද්ද දන්නේ නෑ මේ රටේ දේශපාලඥයොන්ට, අපි මේ කියන්නේ ඔක්කොටම, ඔක්කොම කරන්නේ බොරුව, වහාම ඔය බොරුව නවත්තා ගනිල්ලා, මේ රටේ අන්තවාදී මත දරණ හුචක්කු වලටයි, ඒ හුචක්කු තල්ලු කරන අයටයි අපි කියනවා, තව දුරටත් මේ ජාවාරමට ලෑස්ති වෙන්න එපා, බුද්ධිමය අරගලය මගින් මේ ජනතාව මුලා කරන්න එන හැම සෙප්පඩ විජ්ජාවක්ම එළිකරනවා.පුලුවන්නම් හැප්පෙන්න අපිත් එක්ක, ඉදිරියට තව ගොඩක් දේවල් එන්න නියමිතයි, ඒ චිත්‍රපටි බලාපොරොත්තු වෙන්න, හැබැයි ඒවාට රැවටෙන්න එපා.
දළදා මාලිගාව බෞද්ධයන්ට උතුම් මුදුන් මල්කඩක්, හැබැයි එතනදී එක වචනයක් අල්ලගෙන තියෙනවා, දැන් අල්ලගෙන තියෙන්නේ ලබ්බ, ලබ්බ කියන්නේ ලම්භක කියන එකයි, ඕනම භාෂා විශාරදයෙකුගෙන් අහලා බලන්න, විශ්ව විද්‍යාල වල ඉන්නවා ඉතා දක්ෂ විද්වතුන්, ලබ්බ කියන්නේ ලම්භක, මේක නඩු නිමිත්තක් නෙමෙයි.ගරු අධිකරණයට බලපෑමක් නෙමෙයි අපි මේ කරන්නේ, අපේ දැනුම අනුව ලබ්බ කියන වචනය පාවිච්චි කරලා නඩුවක් දාන්න බෑ, අපිටත් නීතී දැනුම තියෙනවා.ලබ්බක් අල්ලගෙන ලබ්බේ වැඩ කරන්න එපා, කරන්න ඕන මේ ලබ්බේ දේශපාලනය අයින් කරලා දාන එක.ඒ නිසා ඔය කාටුන් තවත් නටන්න ලෑස්ති වෙන්න එපා, මේ රටේ කථා කරන්න ඔයිට වඩා මාතෘකා කොච්චර නම් තියෙනවාද? මේ මැතිවරණ කාළය කියන්නේ මේ රටේ ජනතාව ඉතා පරිස්සම් වෙන්න ඕන කාළය, ඔබේ වටිනා ඡන්දය උදුරා ගන්න එක එක කංකාරී තියෙනවා මේ දවස් වල, ලබ්බේ තොයිලවල් එයි, ලබ්බේ කංකාරී එයි මේවාට රැවටෙන්න එපා, උතුම් දළදා වහන්සේට අපහාස කළා කියලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා, දළදා මාලිගාවට බෝම්බ ගහපු පුද්ගලයාව ලඟ තියාගෙන, හත් දෙයියනේ කාටද මේවා කියන්නේ, මේ රටේ සෑම ආගමකටම අපි ගෞරව කරනවා, මේ රටේ සෑම ජාතිකයකටම අපි ගෞරව කරනවා, අපි ඔක්කොම එකම ශ්‍රී ලාංකිකයෝ, අපි රණ්ඩු වෙන්නේ නෑ, හැබැයි එක එක මැතිවරණ නයි ජනතාවගේ රෙද්ද අස්සේ රිංගන්න එන්න පුලුවන්, ඒවාට රැවටුනොත් මේ රටත්, ජනතාවත් අන්ත අසරණ වෙලා විනාශ වෙනවා. කූඨ උපක්‍රම සහිත කොටසක් බලයට පත් වෙනවා.ඉදිරියට බුදු පිළිම විතරක් නෙමෙයි තව තව ඒවා කඩයි, නැත්නම් වෙනත් ආගමකින් මේවා පටන් ගන්න පුලුවන්, මොකද අපි අදහන ආගමට හානියක් වුණොත් ලොකු වේදනාවක් දැනෙනවා, අපේ ලේ කකියනවා, අන්න ඒ මූලධර්මය උපයෝගී කර ගෙන මේ රටට විනාශයක් කරන්න පුලුවන්, අන්න ඒ නිසා බොහෝම පරිස්සම් වෙන්න.පහුගිය කාළයේ කොයිතරම් නෙයියාඩගම් නැටුවාද? බුදු පිළිම කැඩුවා, බෝම්බ ප්‍රහාර එල්ල කළා, එක එක මතවාද ගෙන ආවා, ගංගා වලින් නයි මතු වුණා, ධම්මික පැණිය ගෙන ආවා, මුට්ටි වතුරේ දැම්මා, කොයි තරම් වන්නම් නැටුවාද? මතක තියා ගන්න මොන වන්නම නැටුවත් මේ පාර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ, අපි මේ වන්නම් වලට ආයේ රැවටෙන්නේ නෑ, අපිව රවට්ටන්නත් බෑ කියල අපි ඔය ජාවාරම්කාර දේශපාලඥොයන්ට කියනවා යැයි “චන්දන ප්‍රේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 19
Previous Post

මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් මාතලේදී 

Next Post

මාතලේ කරාබු නැටි ගොවින්ගේ අතමිට සරු වෙයි

editor

editor

Next Post

මාතලේ කරාබු නැටි ගොවින්ගේ අතමිට සරු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved