27 April 2024
#ක්‍රීඩා

අඩු වැඩි වුණේ මිල සුත්‍රය නිසායි

ඉන්දන මිල සුත්‍රය ක්‍රියාත්මක වීම හේතුවෙන් ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වන විට ඛනිජ තෙල් මිල වැඩි වුවද මිල අඩුවන විට එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2018 මැයි මස 09 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදී ඉන්ධන මිල තීරණය කිරීම පිණිස මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලදි ඇති බවයි.

එම තීරණය පරිදී සෑම මාස දෙකකට පසුව තුන් වන මස පස් වන දින මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව වෙත පවරා ඇති බලය අනුව ජූලි මස 5 වන දින පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය කරන ලදී.

මෙම ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තර මිල අනුව ඉන්ධන මිල අඩු වැඩි විය හැකිය. තවද, ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වන විට ඛනිජ තෙල් මිල වැඩි වුවද මිල අඩුවන විට එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලැබෙනු ඇත.

ඒ අනුව ඉන්ධන අලෙවියෙහි නිරත ආයතනවලට එම සංශෝධිත මිල ආශ්‍රිතව තම ඉන්ධන අලෙවි මිල වෙනස් කළ හැකිය.

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි මිල සම්බන්ධයෙන් මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගනු ලැබෙන බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *