27 April 2024
#ක්‍රීඩා

මට ඇඟ බේරගන්න තිබ්බා – මම කැපවීමක් කළා

අධ්‍යාපනයේදී රටේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතැබීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

සයිටම් පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිළිබද උද්ගත වූ ගැටලූව විසදීමට එවන් ගැටලූවකදී මේ රටේ කිසිදු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ මැදිහත්වීමක් සහ කැපවීමක් තමන් සිදු කළ බව ද ජනාධිපතිවරයා පැවසිය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමාපියන් සමග අද (06) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති හමුවකට එක්වෙමින්.

විවිධ දේශපාලන හස්තයන් මෙම ගැටලූව පිටුපස සිට දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළද සියලූ දරුවන්ගේ අනාගතය පිළිබද නිසි අවධානය යොමු කරමින් මෙම ගැටලූවට විසදුම් ලබාදීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

සයිටම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ගේ අනාගතය පිළිබද නොසිතා සිටියා නම් 2015 වසරේදීම එම ආයතනය වසා දමා ඇග බේරා ගැනීමට තමාට හැකියාව තිබුණු බව සදහන් කළ ජනාධිපතිවරයා චෝදනා, අපහාස, සහ විරෝධතා මැද වසර 03 ක් පමණ අදාළ සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වමින් එම ගැටලූවට නිසි විසදුමක් ලබාදීමට උත්සාහ ගත්තේ එම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව ද කියා සිටියේය.

රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් රජයේ පාසල් සහ විශ්වවිද්‍යාල සදහා අවශ්‍ය සියලූ මානව සහ භෞතික සම්පත් ලබාදීමට කටයුතු කරනවා සේම රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන ද ශක්තිමත් කිරීමේ ප‍්‍රතිපත්තිය රජයක් ලෙස පිළිගෙන තිබෙන බව පැවසු ජනාධිපතිවරයා බෝඩ්ලෑලිවලට සීමා නොවී පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ තිබිය යුතු ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය පිළිබදව ද නිසි අවධානය යොමු කරමින් කටයුතු කරන බව සදහන් කළේය.

කොතලාවල වෛද්‍ය පීඨය සදහා ඇතුළත් කෙරුණු සයිටම් ආයතනයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබදව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එම වෛද්‍ය පීඨයේ ඉඩ පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා ඉහළ නැංවීම පිළිබදව විධිමත් පියවර ඉදිරියේදී ගන්නා බවයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියාර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *