• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් පිරිසක් පුනරුත්ථාපනය කලේ ශ්‍රී ලංකාව බව අගමැති කියයි

7 September 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී පිරිසක් කිසිඳු ගැටළුකාරී තත්ත්වයකින් තොරව පුනරුත්ථාපනය කර නැවත සමාජයට යොමු කරවීමට හිටපු අමාත්‍ය ගජධීර මහතාගේ නායකත්වය ඉතාම වැදගත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) දින දිවංගත චන්ද්‍රසිරි ගජධීර මහතාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ උත්සවයට සහභාගී වෙමිනි.

මානව හිමිකම් රකිමින් ලොව දරුණුම ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කළ රට ලෙස ශ්‍රී ලංකාවට ලොව ඉදිරියේ පිළිගැනීමක් ලබා ගැනීමට හැකියාව ලැබුණු බවත්, ඒ සියල්ල සඳහා දිවංගත චන්ද්‍රසිරි ගජධීර මහතාගේ දේශපාලන උගත්කම හා මහත්මා ගුණය හේතු වූ බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය, ” චන්ද්‍රසිරි ගජධීර මැතිතුමාගේ වර්ෂ පූර්ණයට සම්බන්ධ වෙනකොට මට මේ රටේ දේශපාලන ඉතිහාසය මතකයට එනවා. මේ රටේ වාමාංශීක දේශපාලනයේ පුරෝගාමී චරිතයක් තමයි මාතර එස්. ඒ. වික්‍රමසිංහ මැතිතුමා. කොමියුනිස්ට් පක්ෂයේ පුරෝගාමී නායකයා වුණෙත් එස්. ඒ. වික්‍රමසිංහ මැතිතුමා. දකුණේ දේශපාලනයට එස්. ඒ. වික්‍රමසිංහ මැතිතුමාගෙන් ලැබුණ ආභාසය කවදාවත් අමතක කරන්න බෑ. අද අපි ගුණානුස්මරණයේ යෙදෙන චන්ද්‍රසිරි ගජධීර මැතිතුමා එස්. ඒ. වික්‍රමසිංහ කියන ප්‍රගතිශීලී දේශපාලන නායකයාගේ අඩිපාරේ ගමන්ගත්ත කෙනෙක් කියලා මම කියන්න ඕනේ. චන්ද්‍රසිරි ගජධීර අදහස්වලින්, වැඩකටයුතුවලින් වගේම හමේ පාටිනුත් මාතර දිස්ත්‍රික්කයේ මාතර ලකුණ කියලා මම කියනවා. අද වියත් දේශපාලනය ගැන ලොකු උනන්දුවකින් අපේ රටේ කතාබහ කරනවා. හැබැයි චන්ද්‍රසිරි ගජධීර මීට දශක හතරකට පහකට කලින් ඉඳන්ම මේ රටේ වියත් දේශපාලනය නියෝජනය කරනවා. ඒ විතරක් නෙමෙයි එතුමා මහත්මා දේශපාලනයත් නියෝජනය කළ බව මම කියන්න ඕනේ. දේශපාලනයේ දී වියත්කම ඉතාම වැදගත්. උගත්කමත් ඉතාම වැදගත්. ඒ වගේම මහත්මාකමත් අත්‍යවශ්‍යයි කියලා මම නූතන පරපුරට මතක් කරන්න ඕනේ. චන්ද්‍රසිරි ගජධීරගෙන් අපේ අද දේශපාලනය කරන අය තේරුම් ගත යුතු දේ තමයි වියත්කම වගේම මහත්මාකමත් දේශපාලනයට අත්‍යවශ්‍යයි කියන එක.

චන්ද්‍රසිරි ගජධීර විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්. සරසවියේ ඉන්නකොටම තමයි දේශපාලනය කරන්න පටන්ගත්තේ. එතුමා සරසවියේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙක් හැටියට දේශපාලනයට ඇවිත් උපාධිය ලබාගත්තා. ගුරුවරයෙක් හැටියට රජයේ සේවයට බැඳුණා. රජයේ සේවයේ නිරතව සිටියත් දේශපාලන අදහස් තිබුණේ වමේ ව්‍යාපාරයත් එක්ක බද්ධවෙලා. 1988 මාතර නාගරික මන්ත්‍රීවරයා හැටියට තමයි මහජන දේශපාලනය ආරම්භ කළේ. 1994 එතුමා පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත් වුණා. 1994 ආණ්ඩුව කියන්නේ අවුරුදු 17ක් තිබුණ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යවපු ආණ්ඩුව. අපිට මතකයි ඒ ආණ්ඩුව ගෙදර යවන්න ඉතා විශාල කැපකිරීමක් අපි වගේම වමේ ව්‍යාපාරයේ කොමියුනිස්ට් පක්ෂයත් සමසමාජ පක්ෂයත් කළා. චන්ද්‍රසිරි ගජධීර ඉතාම දරුණු භීෂණයක් මැද්දේ වෙඩි උණ්ඩ මැද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කැපවුණු මාතර නියෝජිතයෙක් බව මම මතක් කරලා දෙන්න ඕනේ.

චන්ද්‍රසිරි ගජධීර වියතෙක්, උගතෙක් වුණාට ඒක ආභරණයක් කරගත්තේ නෑ වගේම මහත්මාකම තමන් ළඟ තියෙනවා කියලා රටට කියන්න ගියෙත් නෑ. ඒ වියත්කම, උගත්කම ගැන ප්‍රචාරය කර කර ඉන්නේ නැතිව ඒකෙන් රටට වැඩක් කළා. මහත්මා දේශපාලනඥයෙක් කියලා පෝස්ටර් දාගන්නෙ නැතිව මහත්මයෙක් වගේ දේශපාලනය කළා. ඒ හින්දා එතුමාගේ නාමය හැමදාමත් අපේ හදවතේ රැඳිලා තියෙනවා.

චන්ද්‍රසිරි ගජධීර තනතුරු මුල්කරගෙන හිතුවේ නෑ. ඔහු දේශපාලනය මුල්කරගෙන තමයි හැමතිස්සෙම හිතුවේ. මට ඒකට දෙන්න හොඳ උදාහරණයක් තියෙනවා. ගජධීර 1994 දී පාර්ලිමේන්තුවට ආවා. ඊට පස්සේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් බවට පත්වුණා. 2001 පළාත් පාලන ඡන්දෙදි අපිට මාතර නගර සභාව ජයග්‍රහණය කරවන්න හොඳ නියෝජිතයෙක් ඕනේ වුණා. අපි ඒ වෙලාවේ ආරාධනා කළා ගජධීරට නගරාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලා. එතුමා තමන් දරපු මන්ත්‍රීකම්, ඇමැතිකම්, තනතුරු ගැන හිතුවේ නෑ. එතුමා දේශපාලනය වෙනුවෙන් නගර සභා ඡන්දෙට ඉදිරිපත් වෙලා නගරාධිපති තනතුර භාරගත්තා. ඇමැතිකමක් දරපු කෙනෙක් දේශපාලනය වෙනුවෙන් ඒ වගේ තීරණයක් ගන්න අවස්ථා තියෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසයි මම කියන්නේ ගජධීර තනතුරට වඩා දේශපාලනය ගැන හිතපු කෙනෙක් කියලා. ඊට පස්සේ මැතිවරණයේ දී එතුමා මාතරට තරග කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කැබිනට් ආමාත්‍යවරයෙක් හැටියට ආයෙත් වැඩ කළා.

චන්ද්‍රසිරි ගජධීර කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට වැඩ කරපු වකවානුව මට හොඳට මතකයි. යුද්ධය සිද්ධවෙච්ච කාලේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමකුත් එක්ක අපි ජාතික ආණ්ඩුවක් ගොඩනගලා තිබුණා. චන්ද්‍රසිරි ගජධීර ඒ ජාතික ආණ්ඩුවේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා විධියට වැඩ කළා. එතුමාගේ ඇමැතිවරයා වුණේ යූ.ඇන්.පීයෙන් ඇවිත් අපිත් එක්ක එකතුවෙලා හිටපු මන්ත්‍රීවරයෙක්. ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු අතර කවදත් පොඩි සීතල යුද්ධයක් තියෙනවා. ඇමැති එක පක්ෂයකිනුත් නියෝජ්‍ය ඇමැති තවත් පක්ෂයකිනුත් වැටුණොත් ඒ යුද්දේ තවත් බරපතළ වෙනවා. ඒත් චන්ද්‍රසිරි ගජධීර දේශපාලන වශයෙන් හිතන්න පුළුවන් පරිනත පුද්ගලයෙක් නිසා තමන්ගේ ඇමැතිවරයාත් එක්ක කිසිම ගැටුමක්, ආරවුලක් ඇතිකරගන්නේ නැතිව ඉතාම හොඳින් වැඩ කළා විතරක් නෙමෙයි තමන්ගේ ඇමැතිවරයාගේ ප්‍රශංසාවටත් ලක් වුණා. එහෙම කරන්න පුළුවන් වුණේ ගජධීරගේ තිබුණ මහත්මා ගතිගුණය නිසා.

එතුමා යුද්දේ ඉවරවෙන කාලෙ වෙන කොට බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති. එතුමාට භාර වුණා මේ රටේ දහතුන්දාහක් පමණ වන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කරන්න. ඒක ඉතාම වගකීමක් ඇතිව කළ යුතු රාජකාරියක් වුණා. එතුමාගේ කාලය තුළ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැති විධියට දහතුන්දාහක් එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කරලා නිදහස් කළා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී පිරිසක් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැති විදියට හොදටම පුනරුත්ථාපනය කරලා නැවත සමාජයට යොමු කරවන්න ගජධීරගේ නායකත්වය ඉතාම වැදගත් වුණා. ඒ නිසාම අපිට එබඳු ත්‍රස්තවාදී පිරිසක් මානව හිමිකම් රකිමින් පුනරුත්ථාපනය කළ රට හැටියට පිළිගැනීමක් ලබා ගන්නත් පුළුවන් වුණා. මේ සේරම කරන්න පුළුවන් වුණේ ගජධීරගේ දේශපාලනය, උගත්කම හා මහත්මාකම නිසයි.

 

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, නිපුන රණවක, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහත්වරුන්, චන්ද්‍රසිරි ගජධීර මහතාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

දිලිනි සමන්මලි 

 

 

 

 

 

 

 

Post Views: 1
Previous Post

ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි

Next Post

ඇමැතිනි පවිත්‍රා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

editor

editor

Next Post

ඇමැතිනි පවිත්‍රා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved