• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලබන්නේ රටේ අනාගත පරපුර බව අගමැති කියයි

25 November 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලබන්නේ රටේ අනාගත පරපුර බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මෙසේ පැවසුවේ අද (25) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන අතර ව්‍යාපෘතිය අදියර දෙකකින් යුක්තය. ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු මේ වන විට කඩිනම් කර ඇත. විවෘත කෙරුණු ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් බිලියන 6.1ක මුදලක් වැය කර ඇති අතර ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා ණය ප්‍රධානය කර ඇත. මෙතෙක් ගුවන් යානා 25ක් නවතා තැබීම සඳහා වූ පර්යන්තයේ අද සිට ගුවන් යානා 48ක් නවතා තැබිම සඳහා පහසුකම් සැළසේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ කියා සිටියේය “ආසියාවේ කේන්ද්‍රීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් විදියට අපේ ගුවන්තොටුපොළ සංවර්ධනය කරන්න 2010 දී තීරණය කලා. අපිට අවශ්‍ය වුනේ ගුවන්තොටුපොළ වර්තමානයට ගැලපෙන විදියට සංවර්ධනය කරන්න. ඒවගේම තවත් වසර 20ක් එහා අනාගතය ගැනත් හිතලයි එදා අපි මේ සංවර්ධන සැලසුම් හැදුවේ. ජපානයේ හිටපු අගමැති ශින්ෂුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කළේ 2014 වර්ෂයේදියි. සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ආයෝජකයෝ එක්ක ගිවිසුම් පවා අත්සන් කරලා තිබුණ වෙලාවකයි 2015 දි අපේ රජය පෙරලුණේ. ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර දෙකකින් අවසන් කරන්න ඒ වන විටත් සැළසුම් සකස් කරල තිබ්බේ. ‍ 2015 දී බලයට පත් වුන යහපාලන රජය මේ ව්‍යාපෘති නියමිත පරිදි කරගෙන ගියේ නැහැ. අපේ රජය බලයට ඇවිත් 2020 මාර්තු මාසෙදී තමයි පළමු අදියරේ වැඩ ආරම්භ කළේ. අද අපි මහජනතාවට විවෘත කරන මේ අදියරේ වැඩ ආරම්භ කිරීමත් යහපාලන ආණ්ඩුව ප්‍රමාද කළා. මේ ගොඩනැගිල්ලේ වහලයේ සැළසුම වෙනස් කරන්න ඒ අයට අවශ්‍ය වුනා. මුල් සැළසුමේ නෙලුම් මලක හැඩයට වහලය ඉදිකරන්න නියමිතව තිබුණා. ඒ වෙනුවට ශාක පත්‍රයක හැඩයට වහලයේ සැළසුම වෙනස් කරන්න විතරක් යහපාලන ආණ්ඩුව රුපියල් මිලියන 661ක් වියදම් කළා. ඒ විදියට සැළසුම වෙනස් කරන්න ගිය නිසා තමයි දෙවැනි අදියරේ වැඩ ආරම්භ කරන්න ප්‍රමාද වුනේ. අද ඉදන් ගුවන්තොටුපොළේ ගුවන්යානා නැවැත්වීමේ අංගන ප්‍රමාණය 48ක් බවට පත්වෙනවා. මේ වෙනකල් තිබුණේ අංගන 25යි. මේ දක්වා එක අවුරුද්දකට මගීන් මිලියන 6ක් හැසිරවීමේ ධාරිතාව 2023 ඉදන් වර්ෂයකට මිලියන 15ක් දක්වා වැඩි වෙනවා. ඔබට මතක ඇති කටුනායක ගුවන්තොටුපොළට කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ල වුන මිලේච්ඡ ප්‍රහාරය. එදා ගුවන්තොටුපොළේ සේවය කරපු අය ඒ ප්‍රහාරයේ බිහිසුනු බව අත්වින්දා. එදා ඇති වුන හදිසි තත්ත්වයේදී ලංකාවට එමින් සිටි ගුවන්යානා යොමු කරන්න වෙනත් ගුවන්තොටුපොළක් අපිට තිබුණේ නැහැ. මේ නිසා ආසන්න රටවලට ඒ ගුවන්යානා යොමු කරන්න සිදුවුනා. එදා තමයි අපේ රටට අතිරේක ගුවන්තොටුපොළක අවශ්‍යතාවය තදින්ම දැනුන දවස. ඒ අනුව තමයි අපේ රජය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අතිරේකව තවත් ගුවන්තොටුපොළක අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කළේ. ඒ අනුව අපි මත්තල ගුවන් තොටුපළ හැදුවා.

2015 දී බලයට ආපු යහපාලන ආණ්ඩුව මත්තල ගුවන්තොටුපොළ ආර්ථික සංවර්ධනයට දායක කර ගන්නවා වෙනුවට රාජපක්ෂලාගෙන් පළිගන්න වී ගබඩා කළා. ඒ වගේ බංකොළොත් මට්ටමකට වැටුණු යහපාලන ආණ්ඩුව පුළුවන් තරම් ණය අරගත්තා. හැබැයි කරපු දෙයක් නැහැ. ණයක් ගත්තා නම් ඒ ණය මුදල් ආයෝජනය කරලා කරපු දෙයක් ‍තියෙන්න ඕනේ. මත්තල ගුවන්තොටු‍පොළ විනිමය උපයන්නේ අපේ රටට. ඒවා අපේ රටේ සම්පත්. යහපාලන ආණ්ඩුවට කිසිම සංවර්ධන සැලසුමක්, සංවර්ධන ඉලක්කයක් තිබුණේ නැහැ. මානුෂීය මෙහෙයුම මඟින් ත්‍රස්තවාදය අවසන් කරලා, රටට සාමය උදා වුනාට පස්සේ අපේ රටට එන සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිවුනා. ඇත්තටම සංචාරක කර්මාන්තය මෙරට විනිමය ඉපයීමේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට පත්වුණා. අපේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩිවෙනවාත් එක්කම ක්‍රමයෙන් ගුවන්තොටුපොළ පරිහරණය කරන ගුවන් මගීන් ප්‍රමාණය ද වැඩිවුණා. කොවිඩ් වසංගතයත් එක්ක ජනතාවගේ ආරක්ෂාවට මූලිකත්වය දීලා කටයුතු කළ නිසා පහුගිය කාලයේ ගුවන්තොටුපොළ වසා දැමුවා. රටවල් අතර ගමනාගමනය නතර වෙලා අපේ රටට සංචාරකයින්ගේ පැමිණීමත් නතර වුනා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුනා කියලා ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු අඩාල වෙන්න අපේ ඇමැතිතුමන්ලා ඉඩ තිබ්බේ නැහැ. ජනතාව‍ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව තිබුණාටත් වඩා හොදින් සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යන්න සුදුසු පරිසරය සකස් කරන්න සංචාරක ඇමැතිතුමා පියවර ගත්තා. අපේ රජයන් බලයට පැමිණි හැම කාලයකදිම වැඩ කලේ ඉදිරි දැක්මක් සහිතව ක්‍රමාණුකුලවයි. එදා මහින්ද චින්තන වැඩපිළවෙල යටතේ ගුවන්‍‍තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික පසුබිම සකස් කරලා, ව්‍යාපෘති ක්‍රියාත්මක කරන තැනටම ගෙනාවා. මෙවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල මඟින් ද කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කරන බව කිව්වා. කියනවා වගේම අපේ රජයන් බලයට පත්වුනාම වැඩ කරලාත් පෙන්වනවා. අපි කරන සෑම සංවර්ධන ව්‍යාපෘතියකම ප්‍රතිලාභ ලැබෙන්නේ අපේ අනාගත පරපුරට බව ප්‍රකාශ කරන්න ඕනේ. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

බැසිල් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව විශ්වාසය තිබුණ නායකයෙක් – මන්ත්‍රී විරසිංහ

Next Post

දේශීය නිෂ්පාදකයාට නව දිරියක් ලබා දෙමින් දේශීය භාණ්ඩ රැසක් “ලක්සල” මගින් ඇමරිකාවට

editor

editor

Next Post

දේශීය නිෂ්පාදකයාට නව දිරියක් ලබා දෙමින් දේශීය භාණ්ඩ රැසක් "ලක්සල" මගින් ඇමරිකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved