27 April 2024
#දේශීය

දේශීය නිෂ්පාදකයාට නව දිරියක් ලබා දෙමින් දේශීය භාණ්ඩ රැසක් “ලක්සල” මගින් ඇමරිකාවට

මෙරට දේශීය ආර්ථිකයට හා දේශීය නිෂ්පාදකයාට දිරි දීමක් වශයෙන් ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ විදේශයන්ට අපනයන කිරීම සදහා සුවිශේෂී වැඩපිළිවෙළකට එළැඹ ඇති බව බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ සඳහා ප්‍රථම වරලත් අළෙවි නියෝජිත ආයතනය ඇමරිකාවේ “ෆ්ලොරිඩා”හි ස්ථාපිත කිරීම සදහා වන ගිවිසුමක් පසුගිය දිනෙක ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” හා “බූම් ලංකා බතික් සහ ගිෆ්ට්” (Boom Lanka Batik and Gifts) යන ආයතන අතර අත්සන් තැබීය.

මෙමගින් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) ආයතනය විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ලැබෙන ආදායමට අමතරව වරලත් අලෙවි නියෝජිත ආයතනයේ මාසික අලෙවි පිරිවැටුමෙන් ප්‍රතිශතයක්ද , කීර්තිමත් “ලක්සල” සන්නාමය ජපානය තුළ භාවිතය වෙනුවෙන් වාර්ෂිකව කිසියම් “වෙළඳ හිමිකාරීත්ව භාගයක්” (Royalty Fee) ද ලැබීමට නියමිතය.

දේශීය භාණ්ඩ ඇමරිකාවට අපනයනය කරනු ලබන වැඩපිළිවෙළෙහි අවසන් අදියර ලෙසින් “ලක්සල” සන්නාමය යටතේ රු.මි.20කට අධික වටිනාකමක් සහිත පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ඇතුළුව බතික්, අත්යන්ත්‍ර රෙදි පිළි, ශ්‍රී ලාංකීය තේ, කෝපි, කුළු බඩු, ආයුර්වේද නිෂ්පාදන, කාබනික ආහාර වර්ග, දේශීය රුපලාවන්‍ය නිෂ්පාදන ඇතුළු අයිතම වර්ගයන් 1200කට අධික ප්‍රමාණයක් අද (24) දින ලක්සල සභාපති කාර්යාල පරිශ්‍රයේදී බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව නැව්ගත කිරීම සදහා මුදා හරින ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *