• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මුහුණ දුන් අර්බුද හමුවේ ඩොලරයේ ඉහළ යාමටත් සාර්ථකව මුහුණ දෙනවා – අගමැති

22 September 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය වසර කිහිපය තුල ආණ්ඩුව අර්බූද ගණනාවකට මුහුණදී ඉදිරියට පැමිණියා සේ ඩොලරයේ අගය ඉහල යාමෙන් උද්ගතව තිබෙන අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) නාත්තන්ඩියේදී ලුර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

ඩොලරයේ අගය ඉහල යාම රටේ ආර්ථිකයටත්, ගෙදර ආර්ථිකයටත් බලපා තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව පැවසීය.

මෙම රැස්වීමට අමතරව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද නාරවිල ශ්‍රී ගුණරතන විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරිම, නාත්තන්ඩිය වලහපිටිය මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම සහ නාත්තන්ඩිය, පිලාකටුමුල්ල,ශ්‍රී පුෂ්පාරාම විහාරයේ ගෞරව ශාස්ත්‍රවේදී අස්මධාචාර්යෝත්තම පුජ්‍යපාද හාල්දඬුවන පඤ්ඤාසෝමාභිධාන නාහිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට ද අග්‍රමාත්‍යවරයා සහභාගි විය.

නාත්තන්ඩිය ලූර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“ මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් තිබුණත් අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන මුදල් අඩුකිරීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ. ගෝලීය ආර්ථික අර්බූදය ඇති වූයේ කෙසේද කියා අප බැලිය යුතුය. 2008 දී ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ වටිනාකම අඩු වුණා. ඒ නිසා ඇමරිකානු කොටස් වෙළඳපොළ ආයෝජකයින් සහ අනෙකුත් ආයෝජකයින් සිය මුදල් තමන්ගේ රටවලට ගෙන ගියා. නමුත් දැන් එය වෙනස් තත්වයකට පත්ව තිබෙනවා. වර්තමානය වන විට ඇමරිකාවේ කර්මාන්ත නිෂ්පාදන භාණ්ඩ වැඩිවී තිබෙනවා. ඒවගේම සීඝ්‍ර දියුණුවක් ඇතිවී තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ජනතාවට සහන දුන් නිසා වැඩි වැඩියෙන් මුදල් බඩු භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් වැය කරනවා. මේ තත්වය මත එරට සමාගම්වල ලාභය තවත් වැඩි වෙනවා. එපමණක් නොවෙයි. මෙතෙක් කල් ඇමරිකානු මහ බැංකුව අඩු පොලියට ණය ලබාදුන්නත් පසුගිය කාලයේ දෙවතාවක් පොළිය වැඩිකර තිබෙනවා. මෙහි ප්‍රතිඵලය කුමක්ද? ඇමරිකාවේ කොටස් වෙළෙදපොලේ සහ එරට ව්‍යාපාරවල මීට වඩා ලාභ තිබෙන නිසා අපේ රටේ සිටින ව්‍යාපාරිකයින් තමන්ගේ මුදල් දැන් ඇමරිකාවට ගෙන යනවා. මේ නිසා අපේ රටවල් සෑම එකකම තිබෙන ඩොලර් සංචිත අඩු වෙනවා. ඩොලර් සංචිතය අඩු වුණාම අපේ මුදල්වල අගය බාල්දු වෙනවා. මේ අර්බූදයට අද අපට මුහුණ දීමට සිදුව තිබෙන බව කිව යුතුයි. මේ තත්වය අපේ රටට පමණක් නොව අනෙකුත් සෑම රටකටම බලපා තිබෙනවා. ඒ අනුව ඉතාලියේ යුරෝ එක 1.3 කින්ද එංගලන්තයේ පවුමක් 1.3කින්ද, ඕස්ට්‍රේලියාවේ ඩොලරය 6.5කින්ද ඉන්දුනිසියාවේ රුපියා 6.8කින්ද කොරියාවේ වොන් එක 4.5කින් ද, පිලිපිනයේ පීසෝ 7.5කින්ද සිංගප්පුරුවේ සහ මැලේසියාව 1.6කින්ද ඉන්දියාවේ මුදලේ අගය 11% කින්ද අඩුවී තිබෙනවා. දැන් අපට තිබෙන්නේ උද්ගතව ඇති ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමයි. එයට අපි සාර්ථකව මුහුණ දෙනවා. එයින් ඈත් වන්නේ හෝ පලා යන්නේ නැහැ. අපේ රටේ තිබෙන්නේ අපනයන ආර්ථිකයක් නොවේ. අපි ණය ගන්නා ආර්ථිකයක් බව කිව යුතුයි. අද අපි මේ තත්වයට පත්ව තිබෙන්නේ ඒ නිසයි. අපි අපනයන ආර්ථිකයකට යා යුතුයි.
පසුගිය කාලයේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දී ඉදිරියට පැමිණියා සේ උද්ගතව ඇති මේ අර්බූදයටද අප සාර්ථකව මුහුණ දෙනවා. “

මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත යන මහත්වරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් රැසක් සහභාගිව සිටියහ.

 

Post Views: 2
Previous Post

විකල්ප ආණ්ඩුව ලෙස රට භාර ගැනීමට ‘මහින්ද බලවේගය’සූදානම් – විමල් කියයි

Next Post

ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන්

editor

editor

Next Post

ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved