27 April 2024
#දේශීය

ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය අවසන්

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ කාල‍ය 21 වනදා දින අවසන්ව තිබේ. කථානායක මාධ්‍ය ලේකම් චමින්ද ගමගේ මහතා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිල කාලය අවසන් නොවන බවයි.

ඒ අතර මෑතකදී එම සභාවට පත් කෙරුණූ මහින්ද සමරසිංහගේ ද නිළ කාලය අවසන් වන්නේ නැහැ.

ව්‍යවස්ථාදායක සභාවේ සෙසු සාමාජිකයින් වන තිලක් මාරපන, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, විජිත හේරත් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන ආචාර්ය ඒ.ටි. ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ සිබ්ලි අසිස්ගේ මහතාගේ නිළ කාලය පමණක් අවසන් වනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ කාල‍ නිල කාලය වසර 03 වන අතර සාමාජිකයින් පත් කිරිම 2015 වසරේ සැප්තැම්බර් මස සිදුකර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව 10 ක් වනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *