• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අගමැති ඉල්ලා අස්වීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ ජනාධිපති ඉල්ලා අස්විය යුතුමයි- ජවිපෙ

10 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යන්න නොහිටපු මහින්ද ගියා වගේ ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩුවත් යවන්න ඕනෑ බවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සහ සාමකාමී ලෙස මේ සටන තීව්‍ර කරලා ඉතා ඉක්මනින් ජයග්‍රහණය කරන්න ඕනෑ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා අද(10) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වු ටිල්වින් සිල්වා මහතා “මහින්ද රාජපක්‍ෂලා සැලසුම්සහගතව අරලියගහ මන්දිරයට මැරයන් ගෙන්වලා ඊයේ (09) අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගෝල්ෆේස් භූමියේ පවත්වාගෙන ගිය සාමකාමී උද්ඝෝෂණවලට පහර දුන්නා. ඉන් පසුව කෝපයට පත්වුණු ජනතාව දැක්වූ ප්‍රතිචාර අනුව ජීවිත හානි, දේපළ හානිත් සිදුවී තිබෙනවා. මේ සමස්ත සිදුවීම් ජාලයේම වගකීම ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ ඇතුලු සියලුම දෙනා බාරගත යුතුයි. දැනට මාසයක පමණ සිට ඉතාම සාමකාමීව රට පුරාම විවිධ උද්ඝෝෂණ පවතිනවා. සාමකාමීව පවත්වාගෙන ගිය උද්ඝෝෂණවලට මහින්ද රාජපක්‍ෂලා සැලසුම්සහගතව එල්ල කළ ප්‍රහාරයට අනිවාර්යෙන්ම ප්‍රතික්‍රියාවක් එන බව දැනගෙන ඉන්න ඕනෑ. මේ නිසා ඒ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ වගකීම ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි. අරලියගහ මන්දිරයේ පැවැත්වූයේ මහින්ද රාජපක්‍ෂ අගමැතිකමින් සමුගන්නා උත්සවයක් නෙවෙයි. ඇත්තටම මෙතන තිබුණේ ගම්වල ඉතිරි වෙලා ඉන්න මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන නියෝජිතවරුන් සමග ඉන්න මැර කණ්ඩායම් අරලියගහ මන්දිරයට ගෙන ඒමයි.

ඔවුන් කොළඹට ප්‍රවාහනය කළ වාහනවල කෑම බීම, අරක්කු, කඩු, කිණිසි, පොළු තිබුණා. මේ පිරිසට අරලියගහ මන්දිරය තුළදී ඇමතූ මහින්ද රාජපක්‍ෂ ප්‍රහාරයක් සඳහා ඕනෑ කරන මානසිකත්වය ගොඩනගා දුන්නා. ඒ අනුව මේ පිරිස උසිගන්වලා මුදාහැර අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයට පහරදී එතැන ඉඳලා ගෝල්ෆේස් පිටියට පොලීසියත් එක්ක මේ මැර කණ්ඩායම් ගමන් කළා. කඳුළු ගෑස් පාවිච්චි කරලා මේ ගමන වැළැක්වූයේ නැහැ. රාජපක්‍ෂලා එක්ක කිට්ටුවෙන් වැඩ කරන නිලධාරීන් එකතු වෙලා ඉතාම සැලසුම්සහගතව මේ ස්ථාන දෙකට ම්ලේච්ඡ ප්‍රහාරයන් එල්ල කළා. ජනතාව විසින් පහර දීලා උද්ඝෝෂණ කණ්ඩායම් මැඩපැවැත්වූ බවට ප්‍රචාරය කරන්න බලාගෙන මේ වැඩේ දියත් කර තිබුණා. එයින් වේදනාවට සහ කෝපයට පත්වූ ජනතාව ප්‍රතික්‍රියා දැක්වූවා. අයුතු ජනරාශිය, සැලසුම්සහගත ප්‍රහාරයක්, ප්‍රහාරයට ගන්නා ආයුධ යොදවාගෙන තිබුණා. මේ නිසා මේ ප්‍රහාරය අරලියගහ මන්දිරයේ සිට සැලසුම් කර දියත් කළ මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මේක සරල කාරණයක් නෙවෙයි.

වර්තමාන ආණ්ඩුව තාමත් මේ රටේ ජනතාවගේ මානසිකත්වය හඳුනාගෙන නැහැ. මේ රටේ ජනතාවගේ දුක හඳුනාගෙන නැහැ. පක්‍ෂ, පාට භේදයක් නැතිව මාසයක් තිස්සේ පාරට බැහැලා ජනතාව කියන්නේ මූලික අවශ්‍යතා සපුරන්න අසමත්වූ ආණ්ඩුවට බැහැලා යන්න කියලා. බලයෙන් ඉදිමිලා ජනතාවට සමච්චල් කරමින් ඔවුන් කටයුතු කළේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු එක වෙලාවක සල්ලි ඇති තරම් තියෙන බව කියනවා. ගාමිණී ලොකුගේ ඇමතිවරයා බවුසර්වලින් බාන්න බැරි තරම් ෂෙඩ්වල තෙල් තියෙන බව කිව්වා. රටේ ප්‍රශ්නයක් තිබෙන බව පිළිගන්නවත් ඔවුන් කටයුතු කළේ නැහැ. ජනතා විරෝධය මේ තරම් උත්සන්න වුණේ ඒ නිසයි. ආණ්ඩුව කුලී මැරයන් ටික දෙනෙක් යොදාගෙන රටක සමස්ත ජනතාවගේ විරෝධය නතර කරන්න බැහැ. මේ තිබෙන්නේ ගෝඨාභය, ආණ්ඩුව ගෙදර යන්න කියන ඉල්ලීමයි. වසර 74ක සාපය නිමා කරන්න කියන ඉල්ලීමයි. තමන්ට කැමති පාලනයක් ගොඩනගා ගන්න අවස්ථාව දෙන්න කියලයි.

මේ රටේ ඉන්න කිසි කෙනෙකුට ගෝඨාභය රාජපක්‍ෂ එක්ක පෞද්ගලික තරහක් තියෙන්න හැකියාවක් නැහැ. මේ ජනතාවගෙන් ලක්‍ෂ 69ක් ඡන්දය දීලයි මේ අය බලයට ගෙනාවේ. ඊට පස්සේ රට බංකොළොත් කරලා ජනතාව දුකට හෙළලා ඒ ගැන බලන්නේ නැතිව සැප විඳිමින් ඉඳීීම ගැන විරෝධයක් තියෙන්නේ. මේ වගේ වෙලාවක නාමල් රාජපක්‍ෂ මාලදිවයිනට ගිහිල්ලා ජල ක්‍රීඩා කළා. ඩුබායි ගිහිල්ලා ගුවන් කරණම් ගැහුවා. රටේ ජනතාවදුක් විඳිද්දී සල්ලි නාස්ති කරන හැටි, මහජන මුදලින් සුරසැප විඳිමින් මිනිස්සුන්ගේ ජීවිත තුට්ටුවකට ගණන් නොගන්නා බව මහජනතාව දැක්කා. රාජපක්‍ෂවරුන්ට යන්න කීවේ ඒ නිසයි. ඒ ගොල්ලෝ ළඟ ඉන්න සර් කියන ටික දෙනෙක් යොදවලා පහර දුන්නහම හරි කියලා හිතුවා. අපි ඒ අයට කියන්නේ බුද්ධි අංශවලින් වාර්තාවක් ගෙන මහජනතාව කියන දේ තේරුම් ගන්න කියලයි. නැත්නම් රටත් විනාශ වී ජනතාවත් තව තවත් දුක් විඳින්න වෙනවා. මහින්ද රාජපක්‍ෂට අගමැතිකමින් අයින් වෙලා ගෙදර ඉන්නවත් බැහැ. හමුදා කඳවුරු ගානේ හැංගෙන්න වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ මේ බව තේරුම් ගන්න ඕනෑ. විදුලිය නැති, තෙල් පෝලිමේ ඉන්න, ගෑස් පෝලිමේ ඉන්න, ජනතාවගේ වේදනාව ගෝඨාභයලා දැන්වත් තේරුම් ගත යුතුයි.

එසේ නොකර ප්‍රචණ්ඩකාරීත්වයෙන් මේ අරගලය යටපත් කරන්න බැහැ. එහෙම හිතන එකම ඉතාමත් මෝඩ අදහසක්. මේ අරගලය මැරයො දාලා යටපත් කරන්න බැහැ. හදිසිනීතිය දාලා මැරයෝ ගෙනල්ලා උද්ඝෝෂකයන්ට පහරදීම නිසා රටපුරාම ජනතාව කැළඹුණා. ඇඳිරිනීතිය දැම්මත් කවුරුත් ගණන් ගන්නේ නැහැ. මෙතන තියෙන්නේ ජනතා නැගිටීමක්. ඒ ජනතාවගේ හඬට ඇහුම්කන්දීම මිස වෙන උත්තරයක් නැහැ. ඒ අතරම අරගලයේ යෙදී ඉන්න ජනතාව සියලු දෙනාගෙන්ම විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. මේ දක්වා ඉතාමත්ම සාමකාමීව ගෙනා සටන තුළ ගුණාංග රැසක් එකතුකර තිබෙනවා. ඒ ගුණාංග අහෝසි කරන ප්‍රචණ්ඩත්වය එකතු කරගන්න එපා කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. තමන්ගේ දරුවන්ට පහර දෙන හැටි දකිනකොට ඇතිවෙන වේදනාව සාධාරණයි. ඒ කෝපය සහ වේදනාව සාධාරණ වුණත් එය ප්‍රචණ්ඩත්වයකට පෙරළා දැමීම කිසි සේත්ම වාසිදායක වෙන්නේ නැහැ. අපි හැමෝම මේ සටනේ ඉන්නවා. මේ සටන දින්න පුළුවන්. දැනටත් ජයග්‍රහණ ගොඩක් අත්කරගෙන තිබෙනවා. මහින්ද රාජපක්‍ෂට අගමැතිකම දාලා යන්න සිදුවුණු එකත් විශාල ජයග්‍රහණයක්. බැසිල් රාජපක්‍ෂට මුදල් ඇමතිකම දාලා යන්න වුණා. බොරුවට හරි ඇමති මණ්ඩලය සංශෝධනය කරන්න වුණා. මේ දක්වා තිබුණු ජාතිවාදය තවදුරටත් වපුරන්න බැහැ. ආගම්වාදය වපුරන්න බැහැ. මේ සියල්ලම අරගලයේ ජයග්‍රහණ.

මේ ජයග්‍රහණ ආපහු හරවන්න ඉඩ දෙන්න ඕන නැහැ. අරගලය ප්‍රචණ්ඩකාරී පැත්තට ගෙනයාම හානිකරයි. ඒ වගේම ප්‍රචණ්ඩකාරීත්වය ගැන හංවඩු ගහලා හමුදාමය විසඳුම් ලබාදෙන්න ගෝටාභයලා බලං ඉන්නවා. හදිසි නීතිය දාලා හමුදා අනු ඛණ්ඩ කොළඹට ගෙන්වාගෙන ගෝඨාභය දන්න උත්තර ලබාදෙන්න බලාගෙන ඉන්නවා. එවැනි මර්දනයකට තර්කාණුකූල වටපිටාවක් හදා නොදෙන ලෙස ඉතාම සහෝදරත්වයෙන් හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මේ සටන හැඟීම්වලින් නෙවෙයි බුද්ධියෙන් දිනන්න ඕනෑ. හැඟීම්වලින් මේ සටන දින්නන බැහැ. මෙතෙක් කල් කළා වගේම ඉතාම සංයමයෙන්, හොඳ අරමුණකින් හොඳ සංවිධායකින් යුතුව එකමුතුකමින් ජයග්‍රහණය දක්වා ගෙනයන්න ඕනෑ. හැඟීම්බර ප්‍රකෝපකාරීන් කිහිප දෙනෙක් නිසා සමස්ත සටනේම ගරුත්වය කෙළෙසා ගතයුතු නැහැ. හානිකර පැත්තට යන ප්‍රචණ්ඩකාරීත්වය අනියමින් ගෝඨාභය රාජපක්‍ෂලාට කරන උදව්වක්. අපේ මේ අරගලයට ගෝඨාභය රාාජපක්‍ෂලා ඉවත් කිරීමේ, රාජපක්‍ෂලා පරාජය කිරීමේ වගේම 74 වසරක සාපය නිමා කිරීමේ ඉතාමත් පවිත්‍ර අරමුණක් තිබෙනවා.

අපේ මේ අරමුණ පටු අරමුණක් නෙවෙයි. රට ගැන නැගුණු පළල් අරමුණක්. කුඩා හේතු නිසා මේ සටන අඩපණ කරගත යුතු නැහැ. ප්‍රචණ්ඩත්වය සටනට අවාසියි. සතුරට වාසියි ඒ නිසා මෙතෙක් කල් කරගෙන ආවා වගේ සාමකාමීව මේ අරගලය කරගෙන යන්න ඕනෑ. ඒ අතරම අපේ සටන තීව්‍ර කළ යුතු වෙනවා. යන්න නොහිටපු මහින්ද ගියා වගේ ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩුවත් යවන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සහ සාමකාමී ලෙස මේ සටන තීව්‍ර කරලා ඉතා ඉක්මනින් ජයග්‍රහණය කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි සටන් කරමු. ඉන් පසු කිසියම් යාන්ත්‍රණයක් ගොඩනගාගෙන කෙටි කලක් ඒ යාන්ත්‍රණයට පාලනය බාර දිය යුතුයි. ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ ව්‍යසනයෙන් රට ගළවා ගැනීමේ වගකීම බාර ගන්නවා. ඒ වෙනුවෙන් රට මේ විපතින් ගළවා ගන්න යෝජනා මාලාවක් හෙට(11) ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නිසා මේ දක්වා ගෙනා සටන ජයග්‍රහණ තහුවරු කර ගැනීම වෙනුවෙන් මෙතෙක් කල් ධෛර්යයෙන් හා සංයමයෙන් යුතුව කටයුතු කළා සේ කටයුතු කරමු කියන ඉල්ලීම කරනවා. ගෝඨාභය රාපක්‍ෂගෙන් 74 වසරක සාපය නිමා කර යහපත් රටක් ගොඩගමු කියන ඉල්ලීම ජනතාවගෙන් කරනවා. ඒ වෙනුවෙන් සාමකාමීව පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටිනවා. යැයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාද සහභාගි විය.

Post Views: 5
Previous Post

රට ගිනි තැබූ රාජපක්ෂ අගමැතිවරයා සහ මැරයින් වහා අත්අඩංගුවට ගනු – රවි කුමුදේශ්

Next Post

ප්‍රචණ්ඩව හැසිරෙන්නට වෙඩි තැබීමට නියෝග – ආරක්ෂක අමාත්‍යංශය

editor

editor

Next Post

ප්‍රචණ්ඩව හැසිරෙන්නට වෙඩි තැබීමට නියෝග - ආරක්ෂක අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

14 October 2025
අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

14 October 2025
චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

14 October 2025
මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

14 October 2025

Recent News

කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

14 October 2025
අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

14 October 2025
චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

චික්සුලබ් ආවාටය මරියානා ආගාධෙටත් වඩා ගැඹුරුද ?

14 October 2025
මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

මෙරට අගමැතිනිය චීන අගමැතිව හමුවෙයි

14 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

කනට සතෙක් ගියොත් කරන්නෝන දේ

14 October 2025
අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

අමෙරිකානු බුද්ධි මණ්ඩල සහ පෞද්ගලික අංශ නියෝජිතයින් පිරිසක් වෙළෙඳ අමාත්‍යවරයා හමුවෙයි

14 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved