27 April 2024
#දේශීය

රට ගිනි තැබූ රාජපක්ෂ අගමැතිවරයා සහ මැරයින් වහා අත්අඩංගුවට ගනු – රවි කුමුදේශ්

ඊයේ දිනයේදී ගෝල්ෆේස් ජන අරගලයට මැර ප්‍රහාර සිදු කරන ලද්දේ, අග්‍රාමාත්‍ය කාර්යාලය තුල නිල වශයෙන් සැලසුම් කර බව ඉතා පැහැදිලි බැවින්, එම ම්ලේච්ච ප්‍රහාරය සැපයුම් කල අහමැති මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධයස්ථානයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ වෘත්තීය සමිති ඒකාබද්ද සංකේත විරෝධතාවය, අද (10) කොළඹදී එක්වෙමිනි.
එහිදී ඔහු කියා සිටියේ ප්‍රාදේශීය දේශපාලකයින්, අහිංසක ජනතාව රැවටීමට රාජ්‍ය බලය භාවිතා කර ඇති බැවින්, එකි ප්‍රාදේශීය දේශපාළකයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස බල කර සිටින බවයි.

එසේම අහෝසිවී ඇති පළාත් පාලන ආයතන, මහජන මුදලින් නඩත්තු කර, ජනතාවගේම හිස් වලට පොලු පහරවල් දෙන මැර කැල්ලි පෝෂණය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති නිසා, එම පාළාත් පාලන ආයතන අහෝසි කර, පළාත් කොමසාරිස්වරුන් අතට බලය පවරන ලෙස බල කර සිටින බව හෙතෙම පැවසිය.

එමෙන්ම ජන අරගලයට මැර ප්‍රහාර කිරීම සදහා බන්ධනාගාර රැදවියන් පවා යොදවාගෙන තිබූ බැවින්, බන්ධනාගාර කොමසාරිස්වරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙසද බල කරන බව කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *